IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැතිවරණය කල් දැමීම ගැන ලංකා සභාවෙන් නිවේදනයක්

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ අරමුදල් රඳවා තබාගැනීමට රජය ගෙන ඇති තීන්දුව දීර්ඝ කාලීන විපාක ඇති කරන අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් බවත් නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය මුදලින් මහා ප්‍රසංගයකට අනුග්‍රහය දැක්වූ රජයට මැතිවරණය සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බාහිර ණය හිමියන්ට ණය පැහැර හරිමින් බාහිර ලෝකයට වගකීම පැහැර ඇති රජයක් මැතිවරණයක් පැවැත්වීමට අරමුදලක් නොමැති යැයි ප්‍රකාශ කරන්නේ නම් එවැනි රජයකට තව දුරටත් බලයේ රැදී සිටීමට නෛතික බලයක් නොමැති බව කියන ‘ලංකා සභාව’ පාර්ලිමේන්තුව සම්මත කළ අයවැය අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලුම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය සම්පත් සැපයීමට කඩිනමින් කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද සදහන් කරයි.

නියමිත කාලයේදී නියෝජිතයන් පත්කරගැනීමට පුරවැසියන්ට අවස්ථාව දීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ලක්‍ෂණය බවත් ජනතාවගේ එම අවස්ථාව පැහැර හැරීමෙන් ඒකාධිපතිත්වයට යටත්ව ඇති යැයි සනාථ වන බවත් ‘ලංකා සභාව’ කියයි.

විරෝධතා විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර සමඟ දහස් ගණන් පොලිස් නිලධාරීන් යෙදවීම විසඳුම නොවන බව කියන ‘ලංකා සභාව’ අවධාරණය කරන්නේ යථාර්ථයට අන්ධව බලයේ සිටින තෙක් රජයට ආර්ථික ව්‍යාකූලත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය අංශවල සහයෝගය ලබාගත නොහැකි බවත්ය.

ඉදිරියේ ඇති වන දේශපාලනික සහ ආර්ථිකමය අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය වන්නේ රටෙහි එකමුතුව සහ ප්‍රජාතන්ත්‍රවාදය බවත් එම සභාව වැඩි දුටත් සඳහන් කරයි.

ලංකා සභාවේ සභාපති කොළඹ රදගුරුහිමි දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල පාලක රදගුරු ජනරාල් හිමි කීර්තිසිරි ප්‍රනාන්දු යන පියතුමන්ලා මෙම නිවේදනයට අස්සන් තබා තිබේ.  



අදහස් (13)

මැතිවරණය කල් දැමීම ගැන ලංකා සභාවෙන් නිවේදනයක්

ජයන්ත Friday, 24 February 2023 01:53 PM

මහනායක හාමුදුරුවරුන්ට මේ විදිහට මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න බැරි ඇයි.

:       265       22

PereraFriday, 24 February 2023 02:43 PM

ආණ්ඩුවෙන් වරප්‍රසාද ලැබෙන නිසා ආණ්ඩුවට විරුද්ධ වෙන්න උන්නාන්සේලාට බැහැනේ...

:       1       0

sujeewarFriday, 24 February 2023 03:21 PM

ඕකට කියන්නේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනවා කියා නොවෙයි. බටහිර ගැතියාව සඳහා පල්ලිය සීමාව ඉක්මවා රාජ්‍ය පාලනයට ඇඟිලි ගසනවා කියලයි. යහපාලන සමයේ පාස්කු ප්‍රහාරය වෙනකොට එවකට ජනාධිපතිට විරුද්ධ නොවුනු එම ප්‍රදේශයේ මන්ත්‍රීවරු එම ප්‍රදේශයේ ජනතාව ප්‍රතික්ෂේප නොකර නැවත පත් කර ගත්තේ ඇයි. මේ සම්බන්ධයෙන් isis මැදිහත් වීම අන්තර්ජාතිකව ප්‍රතික්ෂේප නොකර තිබියදී පවා පල්ලිය isis සංවිධානය විවේචනය නොකරන්නේ ඇයි. මුලින්ම බොරු බෙෘද්ධ හිතවාදී, ජාති මාමක මතයක් ගොඩ නගලා එම මතය ක්‍රියාත්මක කල හැකි නායකයන්ට පහර ගැසීමත් වක්‍ර කලාවක්.. ප්‍රාදේශීය සභා ඡන්දය නොපැවැත්වීමේන් සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් නොවෙයි, පළාත් පාලන නියෝජිතයන්ට වංචා දූෂණ කිරීමට ඇති අයිතිවාසිකම් නම් කැඩෙනවා. සමස්ථ ශිෂ්‍යයන්ගේ අනාගතය වන උසස්පෙලට විදුලිය දෙන්න බැරි වෙනකොට කැඩෙන අයිතිවාසිකම් ගැන මේ අය කථා නොකිරීම ගැන පුදුමයි. කොහොම වුනත් එදත් අදත් සිංහල බෙෘද්ධයා පාඩම් ඉගෙන ගන්නේ නැහැ. හැමදාම රැවටෙනවා පමණයි. කාගෙවත් පද වලට නොරැවටී බුද්ධිමත් ලෙස මහජනතාව කටයුතු කල යුතුයි.

:       15       139

LakmewanSaturday, 25 February 2023 05:26 AM

සුජීවගේ අදහසට 1000%ක් එකඟයි. ගෝඨා හිටපු කාලේ චූටිම දෙයක් වුනත් මෙයාලා ආවා පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය ඉ‍ටු උනේ නෑ කියලා. දැන් මොකද්ද ඉ‍ටු වෙලා තියෙන යුක්තිය..? කෝ මහමොලකරු? කෝ අර විදුලි බිල වැඩි වෙනකොට කලු කොඩි දාල නටන පෙලපාලි?

:       0       2

SenithSaturday, 25 February 2023 05:29 AM

මෙයාලට නමට හරි බෞද්ධ නායකයෙක් ජනාධිපති පු‍ටුවේ ඉන්නකොට කැසිල්ල හැදෙනවා. උඩින් හිනාවෙලා හිටියට බෙල්ල කපන්නේ මොන වෙලාවෙද කියලා බලන් ඉන්න සෙට් එකක්.

:       0       1

ඇබිත්තයෙක්Saturday, 25 February 2023 08:52 AM

මේ අදහස ඉතාමත් නිවැරදියි කියන්න පුළුවන් ඇත්තටම අඅරගලය කියලා කිව්වෙත් මෙයට සමාන දෙයක් තමයි දැන් කාලයේ පංසල් වල හාමුදුරුවෝ මුදල් සොයන්න දගලනවා මිස තමන්ගෙ දායක දායිකාවො ගැන කිසිම හැගීමක් නැහැ රට ජාතිය ආගම ගැන වගේ වගක් නැහැ ඒ අස්සෙ ආගමික අන්ත වාදීන් බළල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ විවිධාකාරයෙන් අරගල කරනවා ප්‍රවෘත්ති නිකුත්කරනවා.ලෝගුකාරයෝ කුඩා උන්නාන්සේලා රවටා උන්නාන්සේලා ලවා සිවුරටත් නිගරු කරවනවා කියලා පේනවා කොහොමින් කොහොම හරි බුදු සසුන නැත්තටම නැතිවෙන්න පුළුවන් (දැන් කාලයේ සමහරක් උන්නාන්සේලා සිවුරට යටින් විවිධ පාට ඇදුම් අදිනවා දකින්න පුළුවන් 20 දින රාත්‍රියේ අපි සිරිපා වන්දනාවේ ගොස් එද්දී සමහරක් උන්නාන්සේලා හැසිරුණු ආකාරයට අනුව නම් තවත් වසර පනහක් වත් බුදු සසුන ලංකාවෙ තිබේද සැකයි නායක හාමුදුරුවනේ )

:       0       1

BandaraFriday, 24 February 2023 06:57 PM

නිදහසෙන් පස්සේ ඔය මහනායක හාමුදුරුවරු හරියට නායකයෝ ටික හැසිරෙව්වා නම් මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙන්න තිබුණා. එයාලා දානේ වළඳලා සැපට සැතපිලා ඉන්නවා විතරයි. බුද්ධාගමට හානියක් වුණත්, රටට හානියක් වුණත් එයාලාට වැඩක් නැහැ. මිනිස්සු දුක් විඳිද්දී ආතල් ගන්න දේශපාලුවන්ට ඔය අට පිරිකර අරගෙන පන්සලේ පස් පාගන්න එපා කියන්නවත් තරම් හයියක් නැත්නම් ඕවා වැඩක් නැති තනතුරු විතරයි. ගොඩක් හොඳ වැදගත් සිල්වත්, රටට හයියක් වුණු නායක හාමුදුරුවරු ඉස්සර හිටියා. දැන් එයාලා වඳවෙලා ගිහින්... දැන් ඉන්නේ හිට්ලර්ලා ඉල්ලලා රටම කාබාසිනියා කරපු අය විතරයි. අඩුගානේ කාදිනල් තුමා තමන්ගේ මිනිස්සු ටිකවත් එක පොකුරට තියන් ඉන්නවා. ඒකට අපේ අය...

:       90       6

sanjeewa Friday, 24 February 2023 02:58 PM

අපෙ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ශා කරන්න ජාති, කුල මල, ආගම්භේද පසෙකා සියලු දෙනාම පෙලගැසෙමු,

:       51       17

PODDA Friday, 24 February 2023 03:46 PM

ඉස්සර ඉදන් දේශපාලන වේදිකා වල අපෙ සමහර හාමුදුරුවරු හිටිය. අන්‍ය ආගමික කවුරුත් දේශපාලනයට ගියෙ නෑ. ණමුත් දැන් වෙනස් වෙලා. අවු 30 , LTTE කුරිරු ‍යුද්දය වෙලාවෙ අරන්තලාවෙ. හාමුදුරුවරු මරනකොට ඔය කවුරුත් ප්‍රකාශ කිකුත් කලේ නෑ.

:       0       0

Bamunuarachchi Friday, 24 February 2023 05:26 PM

සිංහල බෞද්ධයිනි, එක එක වෙස් අරගෙන කතෝලික බලවේගය ඔලුව උස්සන්නයි බලන්නේ. උඩරට ගිවිසුමෙන් බෞද්ධාගමට සුද්දාගෙන් ලැබුණු විශේෂ ස්ථානය පවා ජෙප්පන් නැති කරනවා යයි කීම ප්‍රයෝජනයට ගනිමින් සැඟවිලා සිටි ක්‍රිස්තියානි කාරයින් වැඩ පටන් අරගෙන. කෝ දැන් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවා සෙවිල්ලට මොකද වුණේ?

:       10       75

AlfreadFriday, 24 February 2023 09:29 PM

පල්ලියේ දේශපාලන විරුද්ධවාදියා වූ රාජපක්ෂලා මහමොලකරු කරලා, බෝම්බ ගහපු ත්‍රස්තයින් සුදනන් කර අහිංසක ක‍තෝලික මිනිසුන් මුලා කළ පල්ලියට, ක‍තෝලික පල්ලියට අපගේත් බලවත් විරෝධය...!

:       2       57

Sujeewa Friday, 24 February 2023 06:01 PM

ලංකා සභාවේ සිටින අවුරුදු 70 ඉක්මවූ පියතුමන්ටයි, තවත් අපිට පව් නොදී, තරුණ අපිට බලය දී, ඉක්මණින්ම යන්න...

:       4       53

අබිලින් Sunday, 26 February 2023 09:09 AM

පියතුමන් කියන්න ලැජ්ජාවක් නැද්ද ඇත්තටම පියතුමන්ලා රටේ ජනතාව (දරුවො ) භේද කරන්නෙ නැහැ කොහොමින් කොහොම හරි මුන්ලාට ඕන ලංකාවෙ කතෝලිකයින්ගේ රටක් කරන්නනම තමයි ජෙප්පො රජවුනොත් ඒක තවත් ඉක්මන් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site