(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ අරමුදල් රඳවා තබාගැනීමට රජය ගෙන ඇති තීන්දුව දීර්ඝ කාලීන විපාක ඇති කරන අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් බවත් නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය මුදලින් මහා ප්‍රසංගයකට අනුග්‍රහය දැක්වූ රජයට මැතිවරණය සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බාහිර ණය හිමියන්ට ණය පැහැර හරිමින් බාහිර ලෝකයට වගකීම පැහැර ඇති රජයක් මැතිවරණයක් පැවැත්වීමට අරමුදලක් නොමැති යැයි ප්‍රකාශ කරන්නේ නම් එවැනි රජයකට තව දුරටත් බලයේ රැදී සිටීමට නෛතික බලයක් නොමැති බව කියන ‘ලංකා සභාව’ පාර්ලිමේන්තුව සම්මත කළ අයවැය අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලුම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය සම්පත් සැපයීමට කඩිනමින් කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද සදහන් කරයි.
නියමිත කාලයේදී නියෝජිතයන් පත්කරගැනීමට පුරවැසියන්ට අවස්ථාව දීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ලක්‍ෂණය බවත් ජනතාවගේ එම අවස්ථාව පැහැර හැරීමෙන් ඒකාධිපතිත්වයට යටත්ව ඇති යැයි සනාථ වන බවත් ‘ලංකා සභාව’ කියයි.
විරෝධතා විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර සමඟ දහස් ගණන් පොලිස් නිලධාරීන් යෙදවීම විසඳුම නොවන බව කියන ‘ලංකා සභාව’ අවධාරණය කරන්නේ යථාර්ථයට අන්ධව බලයේ සිටින තෙක් රජයට ආර්ථික ව්‍යාකූලත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය අංශවල සහයෝගය ලබාගත නොහැකි බවත්ය.
ඉදිරියේ ඇති වන දේශපාලනික සහ ආර්ථිකමය අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය වන්නේ රටෙහි එකමුතුව සහ ප්‍රජාතන්ත්‍රවාදය බවත් එම සභාව වැඩි දුටත් සඳහන් කරයි.
ලංකා සභාවේ සභාපති කොළඹ රදගුරුහිමි දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල පාලක රදගුරු ජනරාල් හිමි කීර්තිසිරි ප්‍රනාන්දු යන පියතුමන්ලා මෙම නිවේදනයට අස්සන් තබා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනායක හාමුදුරුවරුන්ට මේ විදිහට මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න බැරි ඇයි.
අපෙ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ශා කරන්න ජාති, කුල මල, ආගම්භේද පසෙකා සියලු දෙනාම පෙලගැසෙමු,
ඉස්සර ඉදන් දේශපාලන වේදිකා වල අපෙ සමහර හාමුදුරුවරු හිටිය. අන්‍ය ආගමික කවුරුත් දේශපාලනයට ගියෙ නෑ. ණමුත් දැන් වෙනස් වෙලා. අවු 30 , LTTE කුරිරු යුද්දය වෙලාවෙ අරන්තලාවෙ. හාමුදුරුවරු මරනකොට ඔය කවුරුත් ප්‍රකාශ කිකුත් කලේ නෑ.
සිංහල බෞද්ධයිනි, එක එක වෙස් අරගෙන කතෝලික බලවේගය ඔලුව උස්සන්නයි බලන්නේ. උඩරට ගිවිසුමෙන් බෞද්ධාගමට සුද්දාගෙන් ලැබුණු විශේෂ ස්ථානය පවා ජෙප්පන් නැති කරනවා යයි කීම ප්‍රයෝජනයට ගනිමින් සැඟවිලා සිටි ක්‍රිස්තියානි කාරයින් වැඩ පටන් අරගෙන. කෝ දැන් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවා සෙවිල්ලට මොකද වුණේ?
ලංකා සභාවේ සිටින අවුරුදු 70 ඉක්මවූ පියතුමන්ටයි, තවත් අපිට පව් නොදී, තරුණ අපිට බලය දී, ඉක්මණින්ම යන්න...