(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයා පුංචි ඡන්දය කල් දමන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් බව ඇතැමුන් කීවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
නොවැම්බර් 18 ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයාට රාජකීය ලණුවක් දී ඇත්තේ ව්‍යවස්ථාව හරි හැටි නොකියවූ ගොඩ පෙරකදෝරුවෙක් විය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ දී අද (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බව කී මන්ත්‍රීවරයා එසේ නොකළොත් ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් පැවසීය.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රජයේ සේවකයන් නාමයෝජනා දින සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතු නමුත්, නාමයෝජනා දින සිට සති 7ක් ඇතුලත මැතිවරණය පවත්වනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයන්ට මාස ගණනක් වැටුප් රහිතව සිටීමට සිදුවීම අසාධාරණයක් බව ද හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ ලණු කාපු ගෝඨාභයට තමයි අන්තිමට රටිනුත් පැනලා යන්න වුණේ...
මේ උන්නැහේ ඔහෙත් පෙරකදෝරුවෙක් කියලා අහලා තියෙනවා... මම නොදන්නා නිසා අහන්නේ ඔහේ කියන ආකාරයට ගොඩ පෙරකදෝරුවෙක් ඉන්නවා නම් මඩ පෙරකදෝරුවොත් ඇති නේද?
කරුණාවෙන් සවන්දෙන්න..! පොහොට්ටුවේ හිටපු ගොඩපෙරකදෝරු උදය ගම්මන්පිල කතා කරයි !