(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක පිහිටවනු ලැබූ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරිය යොදවන ලද පොලිස් නිලධාරීන් සියලුදෙනා තාවකාලිකව එම රාජකාරියෙන් ඉවත් කරගන්නා ලෙස විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙම විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කරනු ලැබ ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසිනි.
මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් එකොළොස් දෙනකු බැගින් යොමුකර සිටි බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මැතිවරණ ආරවුල් නිරාකරණය මධ්‍යස්ථානවලට අනුයුක්ත කරන ලද කාර්යමණ්ඩල තාවකාලිකව විසුරුවා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයකට අනුව ඒ සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ද තාවකාලිකව ඉවත්කර ගැනීමට පියවර ගත් බව එම නිලධාරියා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දැන් පොලිසියේ රාජකාරිය වෙලා තියෙන්නේ හොරුන් මිනීමරුවන් දූශිතයන් රකින එකද ?චන්ද වැඩට නැති පොලිස් නිලධාරීන් පාරේ උද්ඝෝෂණ කරන විට බුරුතු පිටින් මතුවෙනවා .මේවගේ නිවට පොලිස්පතියෙක් මහින්දග් කාලයේවත් හිටියේ නැහැ
ලැජ්ජයි..! තමුන්ලා වගේ පොලිස්පතියන් 10ක් කපලා දෙන්නම් පොල්පිත්තකින්...