(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ධීවරයන් ඉන්දියානු ධීවරයන්ට පහර දී ඔවුන්ගේ මාළු අස්වැන්න සහ ධීවර ආම්පන්න රැගෙන ගොස් ඇතැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර ඇත.
පහරදුන් ශ්‍රී ලංකික ධීවරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සහ නැවත මෙවන් දෙයක් සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සමඟ මෙම ගැටළුව සාකච්ඡා කරන ලෙස එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා ඇත.
පසුගිය 15 වැනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්ටිනම් ධීවරයන් සය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තොප්පුතුරෙයි ප්‍රදේශයට නැගෙනහිරින් මසුන් අල්ලමින් සිටියදී ධීවර බෝට්ටු තුනකින් පැමිණි ශ්‍රී ලාංකික ධීවරයන් 10 දෙනකු තමිල්නාඩු ධීවරයන්ට පහර දී ඇතැයි එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර තිබේ.ප්‍රහාරයෙන් එක් ඉන්දීය ධීවරයකුගේ හිසට සහ වම් අතට තුවාල වී ඇති බවත් ඉතිරි පස් දෙනාට අභ්‍යන්තර තුවාල සිදුව ඇති බවත් එම්.කේ ස්ටාලින් මහතා පෙන්වා දී ඇත.
එහිදී ශ්‍රී ලාංකික ධීවරයන් ඉන්දීය ධීවරයන්ගේ ලක්ෂ දෙකක පමණ වටිනාකමින් යුත් උපකරණ සහ මාළු කිලෝ ග්‍රෑම් 200 ක් රැගෙන ගොස් ඇතැයි එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙදරට ආපු එකාට සලකන්නෙ අපිට ඔනෙ විදිහට. මූට ඒ්වත් තෙරෙන්නෙ නැද්ද?
ඕක දෙපැත්තම කරනවා මචං. බෝඩර් එක පනින්නේ නැතුව ජොබ් එක කරන හැටි දෙගොල්ලන්ටම උගන්වන්න වෙනවා.