IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෑණා පැදවු ටිපරයට නැන්දම්මා බිලි

( බිමල් ශ්යාඅමන් ජයසිංහ )

                
බෑණා පැදවූ ටිපර් රථයට යට වීමෙන් නැන්දම්මා මියගොස් ඇතැයි නවගමුව  පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ නවගොමුව සුදු විල ප්රෙදේශයේ පදිංචිව සිටි පැපිලියාන ගේ  හේමමාලි (66) යන සිව් දරු මවකි. 

අනතුරින් මියගිය කාන්තාව නිවසේ තනිවම පදිංචිව සිටින අතර වැඩිමහල් දියණිය විවාහ වී සිටින  බෑනා වන ටිපර් රථ රියදුරු ඇයට දහවල් ආහාර රැගෙන ටිපර් රථයේ සිටම එය ලබා දී  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ආහාර පාර්සලේ රැගෙන මියගිය කාන්තාව ලොරි රථයේ ඉදිරිපසින් ගමන් කිරීමේදී මාර්ගයේ තාර ගැට්ටේ ගැටී පය ලිස්සා වැටීමෙන් එම ටිපර් රථයේ ඉදිරිපස රෝදයටම යටවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බරපතල තුවාල ලද එම කාන්තාව නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

නවගමුව  පොලිසියේ ස්ථානාධිපති ප්ර්ධාන පොලිස් පරීක්ෂක ලයනල් ප්ර්නාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 56992 රෝහිත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

බෑණා පැදවු ටිපරයට නැන්දම්මා බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site