(ඉන්දිකා රාමනායක)
පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය පවසයි.
සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් බව පොලිසිය පවසයි.
ඉකුත් 17 වැනි දින සවස් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස සහ පිටුපස රෝද වලට යටවී මෙම සුනඛ පැටවු දෙදෙනා මියගොස් තිබුණි.
අදාල දාල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගම 18 දින සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසියට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය පරීක්ෂණ පවත්වා මතු රට ඇහැළගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා වූ කෝටිපති ව්‍යාපාරිකයා මතුරට පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වූ සත්ව හිංසනයට ප්‍රකාරව ඊයේ (20) සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (20) පස්වරුවේ වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර මහේස්ත්රාත්රුවරයා සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක්.
පව්කාරි…..! අලින් ලව්වා වැඩ ගන්න එක තහනම් කරන්න. අලියාගේ කකුලට දම්වැල් වලින් දාන අලිතිරිංගයට කකුල් තුවාල වෙනවා. කකුල් තුවාල වුන අලින්ගේ අයිතිකාරයොන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මොකා වුනත් කරන්නේ පව් වැඩක්.
පන තියෙන කුමන සතෙකුවත් මැරීම ජාති ජාතීත් පඩිසන් දෙන පාපකර්මයක් කියලා කියන්න පුළුවන්. ඒක ඇයට ලැබේවි .ඒත් මෙතන අල්ලාගත් කාන්තාව ඇයගේ නිවස අසලට කිසිවෙකු හෝ ගෙනවිත් දැමූ පැටවුන් වෙන්න ඕන. එහෙම නැත්නම් කිසිවෙකු තමන්ගෙ නිවසේ බැල්ලියක් වැදූ පැටවුන් වෙන්න පුළුවන්. එහෙම නම් මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුවක් කියලා කියන්න පුළුවන්. සමහර විට පැටවු පාරට දැමුව කෙනාම පැමිණිලි කලාද කියලා ඉතාමත් සැකයි .මෙහෙම කැකිල්ලේ තීන්දු දෙනතුරු ලංකාවට සෙතක් නම් නොලැබේවි.
මෙය ඇය හිතා මතා කල දෙයක්ද?
මම හරියට හිතුව කාරෙක පදවන අත කාන්තාවක් කියල.
අනිවාර්යෙන් අවුරැද්දක් වත් හිරේ යවන්න බරිනම් රට නිතියට බුදු අසරනයි.
එම කාන්තාවගේ පොටෝ එකක් දාන්න ලංකාවටම බලන්න පව් කාර ගැහැනියක් කියලා.
මෙ ලොකෙ අපිට විතරක් ඔනෙ විඩියට ඉන්න බහ. සෑම සතෙකුටම ජීවත් වෙන්න පුලුවන්කම තියෙන්න ඔනෙ. සතෙකුට අනුකම්පා කරන්න බැරි කෙනෙක් කොහොමද මිනිහෙක් වෙන්නෙ ?
බලුවැඩක් ලෙසට පැටවු පාරෙ දමාගිය එවුන් තමයි සමාජයේ වැඩියෙන් ඉන්නෙ කියලා චමින්ද කියපුදේට ඩිස්ලයික් දැමීමෙන් පේනවා .එයින්ම කියන්න පුළුවන් වත්මන් සමාජය අයුක්තට බරවැඩියි කියලා .නැත්නම් කොහොමත් ජාති ජාතීත් විපාක හිමිවෙන කාන්තාවට කිසිවෙකු ශාප කරන්න අවශ්‍ය නැහැ කොහොම වුනත් බලුපැටවු මාර්ගයේ දමාගිය අයට දඩුවම් කරන්නම ඕන
ඕකිවත් දවසක කාර් එකකට යටවෙලා මැරේවා !!!
ඒ අහිංසකයින්ට කරපු අපරාධයට දැඩි දඬුවම් දෙන්න. ඒ වගේම කවදාක හරි එයාටත් මේ විදියටම පඩිසන් දෙන්න...!
ඔය බලු පැටව් අත් වැරදීමකින් යටවුණා වෙන්න බැරිද? අර සමහර කමෙන්ට්ස්වල තිබුණාවගේ මොනතරම් කෝටි ගණනක් මුහුදෙ මාලු.. කුකුල්ලු... හරක්.. ඌරො.. එලුවෝ මරනවාද? අපේ අයියලා. මහමග මිනිස්සු අමුඅමුවේ මරනවා. ඔතන අර කෝටිපති කාන්තාවක් කිව්වාම ඒ කෙරෙහි සමහරුන්ට මහා ඉරිසියාවකුත් ඇතිවෙනවා ඇති.. ඕකව මරන්නමයි ඕනේ කියලා. තමුන් ඔය සීලෙ රකින්න ඉස්සෙල්ලා. මම ජනමාධ්‍යවේදීයෙක්. අද වෙනකන් බියර් එකක්වත් බීලා නෑ.. 36 වසරක් නිර්මාංශයි. හිත හරිම සැහැල්ලුයි. ඔයාලත් එහෙම වෙන්න. හරි සැනසීමයි. සමහරු නම් බනීවි. මම මුලු ජීවිතේම සතුටින් ඉන්නේ. හෙට මොනවා වෙයිද මම දන්නෑ. ස්තුතියි ඔයාලා සැමට...
අපේ ගේ ලඟත් ඉන්නවා පූසෝ 5 ක් විතර බෑග් එකක දාලා කට බැඳලා ගඟේ දාපු කෙනෙක්
මොරටුවෙත් ඉන්නවා බළලුන් 5ක් බෑග් එකක දාලා කට බැඳලා ගඟේ ගිල්ලවපු කෙනෙක්...
මොරටුවේත් ඉන්නවා බළලුන් 5ක් විතර බෑග් එකක දාලා කට බැඳලා ගඟේ ගිල්ලවපු කෙනෙක්...
පොලිසිය කොච්චර දක්ෂයිද? ඇත්තටම ඔච්චර දරුණු අපරාධ කාරයෙක්ව තරාතිරම නොබලා දැවැන්ත මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්න... ඉතින් ලංකාවේ මත්ද්‍රව්‍ය නැතිකරන එක සිම්පල්නේ... යෝධබල, යෝධ ශක්තිය ලැබේවා... ඒ පොලිස් නිල දරුවන්ට... මෙවන් අපරාධ කාරියන්ව දුටුතැන අල්ලා සිරකරනු...!
මිනිස්සුන්ට වගේම සතුන්ටත් නීතියේ පිහිට අවශ්‍යයි. රටේ නීතී අලුත්විය යුතුයි.
දඩමුදලක් නියම කළාට වැඩක් නැහැ. රුපියල් ලක්ෂයක් කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට බොහොම සුළුදෙයක්. දඩයක් ගැහුවාට සත්තුන්ට සාධාරණයක් වෙන්නේ නැහැ. මෙයාට දෙන්න තිබ්බේ වීදී සුනඛයින්ට කෑමබීම, බෙහෙත්, දීලා ආදරයෙන් රැකබලා ගැනීම අනිවාර්ය කීරීම චගේ දඬුවමක්...
සත්තුන්ව පාරට ගෙනත් දාන මිනිස්සු තිරිසන්නු හිරිහර කරන මිනිස්සුත් තිරිසන්නු උන්ටත් මෙ වගෙම වෙන්න ඔනෙ.
පළවෙනි පැටියා යටවෙනකොට, ඵළවන කෙනාට ඒක හොඳට දැනෙන්න ඕනේ. ඒ ගැන වගේ වගක් නැතිව දෙවැනි පැටියත් යට කරනවා. මේකෙන් හොඳට ඔප්පු වෙනව ඵලවන ඵකාට කිසිම හැඟීමක් දැනීමක් නෑ කියලා. මේවගේ නිර්වින්දනය වෙච්චි අය එලවනකොට තමයි මාරක අනතුරු වෙන්නේ... මේ වගේ අයගේ ලයිසන් කැන්සල් කරන්න ඕනෑ. පැටව් පාරෙ හිටපු ඵක වෙනම කතාවක්... හැබැයි ඵලවන මිනිහා දැනගන්න ඕනෑ පාරෙ හරියට ඵළවන්න. උපරිම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනෑ...
පාරට බලු පැටව් දමන අයට දඬුවම් ලබාදිය යුතුයි
අපිත් හදනවා පාරෙ දාලා ගියපු පැටියෙක්... ගේනකොට ඔය වයසෙම ඇති.. ගෙවල්වල පැටව් හදන්න බැරි නම් ඔපරේෂන් කරන්න. පාරෙ ඉන්න අය ගැන බලන්න ක්‍රමයක් හදන්න බැරිද? ඉස්සර නම් බලු වෑන් තිබ්බා..
මහ කාලකන්නි ගැහැනියක් .මා රැකියාව අවසන් කර නවාතැනට යනවිට පාරෙ ඉන්න බල්ලන්ට කැම ටිකක් කොහොම හරි අරන් යනවා
ඇයට දඬුවම් හිමිවිය යුතුයි.
රුපියල් ලක්ෂයක ශරිර ඇප තියන්න කියනකොට ගොඩාක් බයවෙන්න ඇති..., ආයේ කවදාවත් එහෙම වැරැද්දක් කරන්නේ නැහැ.. කියන්න ඇති...!
වැරදීමකින් අකැමැතියි කියන එක ක්ලික් වුණොත් එය නිවැරදි කර කැමතියි කියන එක ක්ලික් කිරීමේ අවස්ථාව සලසන්න.
ඇහැට පෙනෙන නොපෙනෙන සියලු සතුන්ට ආදරය දක්වන්න. වාහනය අතට ගත්තාම සැලකිල්ලෙන් ධාවනය කිරීම හැම අතින්ම හොඳයි. මම නම් ඇහැට පේන ඕනෙම සතෙක් බේරන්න උපරිම උත්සාහයක් ගන්නවා. ඒක පුරුද්දක් කරගන්න.
මෙච්චර හිංසාවක් කරලා දඩ මුකුත් ගහන්නේ නැතිව ශරීර ඇපමත මුදාහරලා... ලක්ෂයක දඩයක් නම් තව කමක් නෑ. ඇපත් හම්බවෙලා... දවස් 14ක්වත් ජේල් කරන්න තිබ්බේ...
ඕනෑවට කරපු දෙයක් නෙමෙයිනේ...?
දඬුවම මදි...!
ඇයගේ සැමියා කෝටිපතියෙක්ලු. ඉතින් රුපියල් ලක්ෂයක් කියන්නේ ඔවුන්ට මහලොකු මුදලක් නෙමෙයිනේ. ඒත් ඒ මැරුනු පැටව් දෙන්නගේ අම්මාගේ සෙනෙහස රුපියල් ලක්ෂයකට සීමා කරන්න පුළුවන්ද? ඒ ලබාදුන් දඬුවම මදි.. මටත් ඉන්නවා පාරෙන් ගෙනාපු බලු පැටව් හතර දෙනෙක්. මගෙ මහත්තයා කෝටිපතියෙක් වුණානම් පාරෙ ඉන්න බලුපැටව් ගෙනත් මම ඒ අයව බලාගන්නවා.