වැඩබලන ජනාධිපති බව කියමින් රනිල් ජනතාව මර්දනය කරන්න හදනවා
වැඩබලන ජනාධිපති බව කියා ගනිමින් මේ රටේ හදිසි නීතිය, ඇඳිරි නීතිය දමමින් ජනතාව මර්දනය කිරීමට රනිල් වික්රමසිංහ මහතා උත්සාහ කරමින් සිටින බව සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවසීය.