
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් වත්තේ ලැයිම් කාමර අංක හතර අසල ඇති ළිඳක් ආසන්නයේ කැලෑ රොදක තිබී අවුරුදු හතක් සහ අවුරුදු එක හමාරක් වයසැති දරු දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් හමුවු බව කුරුවිට පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ශාන්ත ජොකිම්වත්තේ අංක හතර ලැයිම් පේලියේ නිවසක පදිංචිව සිටි අවුරුදු හතක් වයසැති ගජෙන්ද්‍රකුමාර් සර්වනාද් සහ අවුරුදු එකහමාරක් වයසැති ගජේන්‍ද්‍රකුමාර් නිෂාද් යන එකම පවුලේ දරු දෙදෙනාය.
දරු දෙදෙනා මියගොස් ඇත්තේ කෙසේද යන්න සැක සහිත බව පොලිසිය කියයි. දරුවන්ගේ මව වු විසිනව හැවිරිදි කාන්තාවක් පවසා ඇත්තේ තමන්ගේ දරු දෙදෙනා ළිඳේ වැටී සිටිය දි අලුයම තමන් විසින් ගොඩගෙන අසල කැලේ තැබූ බව යැයි පොලීසිය සඳහන් කළේය.
දරුවන් දෙදෙනාගේ මවුපියන් ආරවුලක් ඇතිකරගෙන ඇති බවට විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ආරවුලෙන් පසු මියගිය ළමයින් දෙදෙනාගේ මව අලුයම් කාලයේ නිවසින් පිටව ගොස් ඇති බවත් හෙළිවී තිබෙන බව පොලීසිය පැවසුවේය.
අඹුසැමි ආරවුලෙන් පසු මියගිය ළමයින් දෙදෙනාගේ පියා නිවසින් පිටව ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව් පිය වලියෙන් පසු දරු දෙදෙනාගේ සිරුරු කැලෙන් හමු වේ