(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම හෙට(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
පළාත් පාලන තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර තමන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමෙහි කරුණු කඩිනමින් තහවුරු කිරීම් සඳහා අධිකරණය හමුවේ කැඳවන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකරනු ලැබුවේය.
එස්.තුරේරාජා සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමට නියමිතව ඇත.
විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
රටෙහි පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිරණාත්මක පෙත්සමක් හෙට කැඳවයි
Channa Sunday, 19 February 2023 11:34 PM
අයහපත් ආර්ථිකය නිසා චන්දය තියන්න බැරි නම්, කවදාවත් ලංකාවට චන්දයක් තියන්න හම්බවෙන්නෙ නැහැ . චන්දයක් තියන්න ඕනෙ ආර්ථිකය හදන්න පුළුවන් අයට රට භාර් දෙන්න.
සමන්ත Monday, 20 February 2023 06:18 AM
මහත්තයා ඡන්දය තියෙන එකට නෙමේ ඕක කරන්න තිබ්බෙ නිදහස් දින සමරුවට විරුද්ධව. ඡන්දය අයිතිවාසිකම් බව අමතකද?