(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුත්තලම 58 වැනි බල සේනා මූලස්ථානයේ තිබූ ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් උන්ඩ 30 සහිත මැගසිනය සොරාගත් බව කියන එම කඳවුරේ රාජකාරි කරන සෙබළුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි.
මෙම ගිනි අවිය ජීව උන්ඩ සහිත මැගසිනය සන්තකයේ තබාගෙන සිටි බව කියන අනුරාධපුර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු ද මේ සමඟම සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ටී 56 ස්වයංක්‍රීය ගිණි අවිය උණ්ඩ සහිත මැගසිනය ද මෙම සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසේ සඟවා ගෙන තිබියදී රහස් පොලිස් බාරයට ගනු ලැබීය.
සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලුන් දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ධනවත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගන්නා ලදැයි ද රහස් පොලිසිය කියයි.
අත්අඩංගුවට එක් හමුදා සෙබළකු නාකියාදෙණිය ප්‍රදේශයේදී ද අනෙක්අ සැකකාර සෙබළා අනුරාධපුර කටකලියාව ප්‍රදේශයේ පදිංචි අයෙකි .
ධනවත් ව්‍යාපාරිකයා අනුරාධපුර 3වන පියවරේ පදිංචි පුද්ගලයෙකි . එම කඳවුරේ කෝප්‍රල්වරයකු සතු රාජකාරි ගිනි අවිය උණ්ඩ සහිත මැගසිනය අතුරුදහන්ව ඇති බවට එම පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
රහස් පොලිසියේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ රහස් පොලිස් නිලධාරී මහත්වරුන් හට අපගේ ප්‍රණාමය ...
මෙම සෙබළුන් දෙදෙනා කරලා තියෙන්නේ තම සේවා ස්ථානයේ විශ්වාස කඩ කිරීමක් සහ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් .මොවුන්ගේ ප්‍රජා අයිතීන් අවුරුදු 20 ට අහෝසි කරලා බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ලබා දිය යුතුයි
සොරාගත්තාට වැඩක් නැහැ. ඒවාගෙන් වැඩත් පෙන්වන්න ඕනෑ. ඉලක්කම් නම් ඕනෑතරම් දියවන්නාව පැත්තේ තියෙනවා. අපි මේ උදේ හවා බලාගෙන ඉන්නේ ඉස්සෙල්ලාම කාටද තියන්නේ කියලා...!