(සුජිත් හේවාජුලිගේ)
ගුවන් ගමන් පාලක වරුන් තවත් පනස් දෙනකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙස වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමගමේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
ගුවන් ගමන් පාලක වරුන් රට අතහැර යෑම නිසා එම ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ රත්මලානේ පිහිටි සිවිල් ගුවන්සේවා පුහුණු පාසලට පැමිණි අවස්ථාවේදීය.
මෙම පුහුණු කටයුතුවලදී එක් පාලකවරයකු සඳහා දළ වශයෙන් රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් රජය වැයකරන බවත්, පුහුණුව අවසන් කර රටහැර ගියහොත් එය රටට දරාගත නොහැකි පාඩුවක් බවත් අමාත්‍යවරයා කීවේය.
එසේම ඒ හේතුවෙන් ගුවන් සේවය කඩාවැටීමක්ද සිදුවිය හැකි බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එබැවින් පුහුණුව නිමකර සේවයට බඳවා ගන්නා ගුවන් ගමන් පාලකවරයකුගෙන් රුපියල් කෝටියක ඇපකරයකට හා වසර 10 ක සේවා කාලයකට යටත්ව බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලට ඉංජිනේරුවන්ටත් ඔය විදියටම ඇපකරයකට යටත් කරගන්න. නැත්නම් නොමිලේ ඉගෙනගෙන හෙමින්ම රට පනිනවා.
රැකියා ඉලක්ක කරගත් පාඨමාලා සඳහා බැඳුම්කර පැනවිය යුතු අතර රට සඳහා (රජයේ හෝ පෞද්ගලික අංශයේ) අවම සේවා කාලය නිර්වචනය කළ යුතුය. එසේ නොමැතිනම් පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව සහ දඩය නියම කරනු ලැබේ.
බෙහෙත් සිරිපාලගේ " ගමේ අටපආස් රෑට රෑට කුකුල් හොරකමේ ගිය ඇට්ටර මෝඩයින් වගයක් මේදවස්වල රෑ ඉංග්‍රීසි පන්තිවලට යවනවාලු ට්‍රෙන් කරන්න, නමුත් මුන්ට බුද්ධිය දෙන්නේ කවුද ? ගුවන් මගීන්ට දෙවියන්ගේම පිහිටයි.
මටත් චාන්ස් ඒකක් දෙන්න ඔයාට කීයක්ද ඔනෙ?
මහජන බදු මුදලින් පුහුණු කරන සියලු වෘතීන් සඳහා ඇපකරයකට යටත් කිරීම සාධාරණ දෙයක්. අද පුහුණු ශ්‍රමිකයින් විදේශ ගත වීමෙන් රටට සිදුවන පාඩුව, ඒ රටවල් වලින් අපට දෙන ආධාර වලට වඩා වැඩියි.