
(නිමන්ති රණසිංහ)
බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය .
ඒ අනුව මෙම නඩු කටයුත්ත කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කළේය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විණි.
තම සේවාදායකයා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ගෙන් සහ මේ රට සියලුම බෞද්ධ ජනතාවගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සේපාල අමරසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේය .
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ සැකකරු එවැනි කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටිත් නම් පමණක් මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට තමන් එකඟ වන බව ය .
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද සේපාල් අමරසිංහ මහතා විවෘත අධිකරණයේදී සමාව අයැඳ සිටියේය.
ඒ අනුව මෙම නඩුව අවසන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු නඩුවෙන් මුදා හැරිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවදීම හොද දෙයක්, නැත්නම් මේවා ජාත්‍යන්තරයට යන්නේ මානව හිමිකම් ප්‍රශ්න ලෙසයි.
මදැයි සමාජ මාධ්‍යය හසුරැ වන "රෝං ජෙනරේෂන්" කට්ටිය ඉදිරියේ වීරයකු වීම සඳහා පහසුම මාර්ගය හෙවත් බුදු දහමට අගෞරව කරන්න ගිය ම්නිහට වෙච්ච දේ!
සේපාල් මහතා මේ දළදා වහන්සේ හා සම්බන්ධ සිද්ධිය හැරෙන්නට ඔබ විසින් බොහෝ වංචා දූෂණ හෙළි කළා.ඒත් ඔබ බොහෝ විට වචන භාවිතා කළේ ආවේගශීලීව බව අප හොඳින් දැන සිටියා. ඔබ උපහාසය කියන දේට වඩා මුල්තැන දුන්නේ ආවේගශීලී භාෂා භාවිතයට.අපහාසය ගැන නඩු පැවරිය හැකි වුණත් උපහාසයට නඩු පැවරිය නොහැකියි.ඔබට අබමල් රේණුවක තරම් හෝ ශ්‍රද්ධාවක් තිබුණා නම්,අපේ දළදා වහන්සේට මෙසේ අපහාස වෙන දේ කියවෙන්නේ නැහැ.මින් ඉදිරියට හෝ මාධ්‍ය භාවිතයේදී අපහාස නීතිය ගැන සිතා කටයුතු කරන්න.ව්‍යංගාර්ථය භාවිතා කරන්න.අපහාසය ඉවත දමා උපහාසය භාවිතා කරන්න.අනුකම්පාව සහිත විවේචනය හෙවත් සදය විවේචනය යොදා ගන්න.අනුකම්පා රහිත විවේචනය හෙවත් නිර්දය විවේචනය ඉවත දමන්න.යු ටියුබ් එකේ ඇති කිසිදු වැදගැම්මක් නැති වචන යොදන ඇතැම් ව්‍යාජ මාධ්‍ය කරුවන් ඇසුරෙන් ඉවත්වන්න.බුදු දහම ගැන ගැඹුරින් හදාරන්න. ඔබට ජය ... !!!
අපහාස කිරීම බෝම්බ ගැසීමට වඩා වරදක් බව තේරුම් ගත්ත එක හොඳයි.
අසාදාරන ලෙස සිරගත කල ඔබ නිදහස් විම සතුටට කරුනකි. ආයෙත් නැ වතුන තැනින් වැඩ අරබන්ඩ. ඔබටද රටටද ජය .
ශ්‍රී දළදා වහන්සේට බෝම්බ ලොරියක් ගහපු එකාට රාජපක්ෂලා දුන් දඩුවමම සේපාල්ටත් දෙන්න.
නඩුව ඉවර කරගන්න ඔයා රනිල්ට පොරොන්දු උනේ මොනවද කියල දැනගන්න ආසයි.
මූට මහඅධිකරණයේ අධිචෝදනා දාන්නයි තිබ්බේ
මෙයත් හරියට රා බීපු මීයෙක් වගේනේ .ලොකු කයිවාරු තිබුනට හිරේට යන්න බයට බලු කුක්කෙක් වගේ දන ගහනවා
ඔයාගෙ කර්මය ඔයාට ලැබෙයි. අපිට කර්මයෙන් අයින්වෙන්ඩ බෑ.
ආගමක් දහමක්, උගත් කමක් නැති වාචාල කම පමණක් තියෙන ඔබලා වැනි අයගෙන් වෙන බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ. දැන්වත් වාචාල කමට යූ ටියුබ් කාරයෝ ඉස්සරහා වීරයෙක් වෙන්න හදන්නේ නැතුව සමාජයට රටට වැඩක් ඇති දෙයක් කරන්න. මුදල් වෙනුවෙන් ජාතිය, ආගම පවා නොදෙන්න. තදබල ලෙස බුදු දහමට, බික්ෂුන් වහන්සේලාට පසුගිය දවස්වල පහර ගැහුවා. ඒවාට ඔබට දඬුවම් මෙහිදී නොලැබුනත් විපාක විදියට යම් දවසක ලැබෙයි. ඒවගේ විපාක බරපතල බව දැනගන්න. එදාට කම්පා වෙයි. දුක් වෙයි. බුදුදහම ඉගෙනගන්න. මෙලොව, පරලොව දෙකටම වැඩ දායකයි .... තෙරුවන් සරණයි.
මට නම් හිතෙන්නේ මේ හිටපු රැවුල් කාරයා ළඟදීම රහතන් වහන්සේ ඉදිරියේ දමනය වෙයි කියලයි. මේ වගේම පහුගිය කාලේ ගෝටාබය හිටපු ජනාධිපති වෙනුවෙන් සරම උස්සගෙන සින්දු හදපු කුණුහරුප කාරයෙකුත් ඉන්නවා. ඔහුවත් කුමන ආකාරයකින් හෝ දමනය කල යුතුයි. හරිහමන් රස්සාවක් නොකර සමාජය නොමග යවන විෂබීජ අවසානයේ ලගින්නේ තක්කඩි දේශපාලුවන්ගේ ඔඩොක්කුවල කියල අපිනම් දන්නවා. ඒ නිසා තමයි මේ දෙපත්නයින්ව අපි ප්‍රතික්ෂේප කරන්නේ...
සන්තෝසයි.
බුද්ධාගම ට නිසාම බේරුනා,වෙනත් එකකට කීවානම් හිස කඳ දෙපලු
සේපාල් ඔබට වැරදුන එක තැනක් තිබෙනවා, ඒ තමයි ඔබ කොහෙද සිටින්නේ කියන දේ. ඔබ සිටින්නේ බුද්ධාගම් තලිබාන්ලා සමග බව ඔබට අමතකවුනා. මිත්යාදෘෂ්ටිකයින්ගෙන් පිරුන ලංකාවේ දියුණුවක් කවමදාකවත් සිදුවන්නේ නැත.දිනෙන් දිනම පිරිහෙන මේ රටේ හිසමුදුනේ තියාගෙන අදහන ආගම් කීයක් තියෙනවාද ?ඒ ආගම්වල බලයෙන් අපිට හැමදාම ලැබුනේ විනාශයක් පමණයි.
සේපාල බෞද්ධ දර්ශනයට සහ බුදු රජාණන් වහන්සේට "අපහාස" කළ නිසා, ඔහුට ශ්‍රී ලාංකේය යුක්තිය සහ සමස්ත බෞද්ධ ප්‍රජාවගෙන් සමාව ලැබුණි. මැදපෙරදිග රටක ඔහු එවැනි ප්‍රකාශයක් කළේ නම්, මේ වන විට ඔහු ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමට ඉඩ තිබුණි. බුදු දහම සමාව දිය යුතු උතුම් දහමකි...
සමස්ත බවුද්ධ ප්‍රජාවක් කොහෙද ලංකාවේ ? තායිලන්තයේ,බුරුමයේ පමණක් නොව අමෙරිකාවවගේ ඉතාම දියුණු රටවල පවා නියම බවුද්ධයින් ඉන්නවා.ඔවුන්ට සාපේක්ෂව ලංකාවේ සිටින්නේ සමස්ත තලිබාන් ප්‍රජාවක් පමණයි.
හෙන පල්එක අප්පා. මම නම් වහකනවා...
සටනින් ඔබ පරාදයි!