(ඩයනා උදයංගනී)
ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්ය් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට ජනාධිපති රනිල් වික්රාමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්ර කාශක, ප්රීවාහන, මහාමාර්ග සහ ජනමාධ්යම අමාත්යත, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජාතික ආරක්ෂක මණ්ඩලය ව්ය වස්ථාපිත පදනමක් මත සහ පැහැදිලි සංයුතියකින් යුතුව ස්ථාපිත කිරීමේ අවශ්ය තාව ඉකුත් ජනවාරි මස 12 වැනිදා ශ්රේුෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් මගින් නිර්දේශ කර ඇති අතර, එම තීන්දුවට අනුව ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.
වර්ෂ 1999 සිට ශ්රීී ලංකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම මෙන්ම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේශීය, විදේශීය, ආර්ථික සහ හමුදා ප්රිතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ මූලික විධායක ආයතනය වශයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලය කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්ය වරයා මේ බව පැවසුවේ රජයේ ප්රඳවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්යව හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් ඇති උනහම ඒ වෙලාවට මොනවා හරි කරනවා ෂේප් වෙන්න බලනවා. කොමිස් ගහන්නයි හොරකම් කරනවා ඇරෙන්න මෙතෙක් කලක් බලයේ පාලකයෝ රටේ ආරක්ෂාව ගැනවත් හොයලා බලලා නැහැ.