(ඩයනා උදයංගනී)
ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන්නැයි ,ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ අදාළ සියලු රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵල අනුව වෙනස්වීමට ඔවුන් නිහතමානී විය යුතු බවද කාදිනල්තුමෝ සඳහන් කරති.
එමෙන්ම තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකාගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි තමන් සිතන බව ද අගරදගුරුතුමන් සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අගරදගුරුමැදුරේ දී අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදනය මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.
මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 දින ප්‍රකාශයට පත් කර ඇති පලාත් පාලන මැතිවරණ නොපවත්වා සිටීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් උත්සාහ දරමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ද එහි දැක්වේ.
මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසාදීමට ජනාධිපතිවරයා ඇතුළු රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැඳී සිටින අතර, මැතිවරණ කොමිසමට අවශ්‍ය සියලූ සහාය ලබාදීමට අදාළ සියලුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් ද බැඳී සිටින බව එම නිවේදනයේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂථයි. අපි හැම වැටම ඔබව අගයකරන අතර ඔබේ නායකත්වය
ස්තුතියි කාදිනල් තුමනි , අපේ මලවතු අස්ගිරි මහානාහිමවරු තවම නිහඩ ඇයි
පූජකයෝ දේශපාලනේට අත දාන එක තමයි මේ රටේ කරුමේ
ගරු කාදිනල් තුමනි, දැන් මේ රටේ චන්දයක් නොතියන්න රටේ පාලකයින් නොකරන දෙයක් නැති අවස්තාවක, නොයෙකුත් අහේතුක හේතුන් ඉදිරිපත් කරන වෙලාවක, ඔබ වහන්සේටත් යමක් කලහැකියි කියා සිතනවා.රජය මේ මුසාවාදා දෙසාබාමින් කියන්නෙම " මුදල් නැහැ "යන්නයි. ඔබතුමන්ට හැකියාවක් තියෙනවා කියලා හිතනවා, මානුෂිය හේතුන් මත , මානුෂිය හිමිකම් රැකගැනීම උදෙසා, වතිකානුවෙන් හරි යම් කිසි මුදල් ආධාරයක් ඉල්ලා සිටීමට.එමෙන්ම ඒ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙන ක්‍රමවේදය අනිවාර්යයෙන්ම සහතික කරගත යුතුයි.මුදල් මහබැංකුවට ලැබුනොත් බැංකුවේ ඉන්න ආණ්ඩුවේ බහිරවයින් ඒ මුදල් ගිලින්නත් බැරි නැහැ.ඔවුන් සියලුදෙනාම මේ මොහොතේ වැඩ කරන්නේ ජනාධිපති නම් හොරු 134 දෙනෙක් විසින් පත්කරගත් ,ජනතා ප්‍රසාදයක් නොමැතිව විසිවී සිටි නිකම්ම නිකමෙක් කියන විදිහටයි.ඔබ වහන්සේගේ අවධානය මේ අදහස කෙරෙහි යොමුවෙයි කියා සිතමි.
යෝග ඔබ හරියටම හරි
නන්දසෙනවා එලෙවුවා වගේ රනිල් රාජපක්ෂවත් එලවන්න ඕනේ
පූජ්‍ය පක්ෂයට ඇහුම්කන් දෙන්නේ උන්ගේ බැරිවෙලාවත් උන්ගේ වාසියට මොනවා හරි කිව්වොත් විතරයි. බුදු බණත් තමන්ගේ වාසියට විකෘති කරන පට්ට හොරු.
ඔබතුමා ධර්මය පිලිබද කටයුතු කරන්න චන්දය ගැන දෙෂපාලකයො බලාගනිි
පූජකයෝ දේශපාලනය නොකර හිටියොත් හොඳයි .මේ දූපතේ විතරයි මේ කෝලම් සේරම .කතෝලික පල්ලිය දැන් කුරුසේ බිම දාලා උස්සන් යනවද
චන්දයක් තියනවා කිව්වොත් හුගක් හොරුන්ට නින්ද යන්නේ නැති එකයි තියෙන ලොකුම ප්‍රශ්නේ.
චන්දෙට යන සල්ලි පල්ලියෙන් දෙන්න
ජන්දය තිබ්බොත් පාස්කු බෝම්බයේ මහ මොළකරැ හම්බ වෙයි ද කාදිනල් තුමා?
අගරදගුරු හිමිපානනි, ඔබ වහන්සේ මහානායක හිමිපාණන් ට ආදර්ශයකි. එත් උන්වහන්සේලා තාම සැතපෙනවා. මහජනයාට වෙන අසාධාරණය පිලිබඳව සංවේදී නෑ.
මෙතුමා 13 ගැන සද්දක් නැහැ. සද්දෙන් කියන්න බලන්න පල්ලියෙ මතය. අපිට මතකයි ප්‍රබාකරන් ඉන්න කලයෙ ගහපු ඩබල් ගේම්. මහනායක හිමිවරු තමයි සිංහලය වෙනුවෙන්, රට වෙනුවෙන් සත්බාවයෙන් හඩ නැගුවෙ. ඒ ප්‍රකාශ තුල දෙබිඩි පිලිවෙතක් තිබුනෙ නැහැ ඉතිහසය පුරාවටම.