(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා ඒ අනුව පියවර ගැනෙනු ඇත.
කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිතය.
මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
“ජනරජ පෙරහර” අවසන් වීමෙන් අනතුරුව අද (20) මහනුවර ජනාධිපති මන්දිරයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට සල්ලි තියෙනවාද?
ඔලුව ගලක වැදිලාද කොහේද?
චන්දෙ තියන්ඩ මුදල් නැහැ කියන පින් ජනපතියා මේ දේවල් කරන්නේ කොහොමද ? දූෂිත දේසපාලුවෝ රකින කිසිම ජනවරමක් නැති ,ලැජ්ජාවක් නැති ,රටට හෙනයක් වෙච්ච් එකෙක් ?
මී හරකුන්ගෙ අනුමැතිය ලැබුනට විසල් නගර තැනෙනවද? එව දවල් හීන