IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පැවසීය.

වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද සිට ලැබෙන බව කී මහාචාර්වරයා, වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු යැයි තරයේ විශ්වාස කරන බව ද සඳහන් කළේය.

මුදල් ඇමතිවරයා වන එක පුද්ගලයකුගේ අභිමතය පරිදි ඡන්දය පැවැත්වෙනවාද? නැද්ද යන සියලුම දේ තීරණය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය. 



අදහස් (11)

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය

යෝගා Monday, 20 February 2023 07:02 PM

ඇයි ඔච්චර හදිස්සි...? ඡන්දයක් තිබ්බොත් ඔයාගේත් ඇප කැන්සල් වෙනවනේ අංකල්...!

:       24       60

sirisena Monday, 20 February 2023 07:25 PM

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් (නැතත්) ඔබලාට ඡන්දය දෙන්නේ කවුද? මිනිස්සු කියන්නේ මේ ගොල්ලෝ 225 ටම බැහැ කියලා නේද? ඒක තේරුම් ගන්න බැරිද?

:       19       47

samMonday, 20 February 2023 08:28 PM

මී ගවයින් අවුරුදු 75ක් පක්ෂ දෙකකට පමණක් මාරුවෙන් මාරුවට ඡන්දෙ (බලය) දීලා, ලජ්ජා නැතුව මොවුන් කියනවා 255ටම බෑ කියලා, නුඹලා වෙන එක කණ්ඩායමකට වත් බලය දුන්නද? මහා දවල්ම ඇරියත්, ඊලග සැරෙත් ඔවුන්ටම ඡන්දෙ දෙනවා.

:       14       39

BamunuarachchiTuesday, 21 February 2023 06:33 AM

හලෝ මී ගවයෙක් වගේ එකමදේ වමාරා කන්න එපා, කාගෙන්වත් හැලිච්ච කාලේ අහුලාගෙන කතා කොරන්න එපා. මේ ජෙප්පෝ අවුරුදු 75 ගැන හැමතිස්සෙම කතා කොරනවා මොවුන් එකෙකුටවත් අවුරුදු 75 වයස නැහැ. 1956 ට පසුව රටේ වෙච්ච වෙනස දන්නෙත් නැහැ. 1956 රටේ ඒ වෙනස නොවුවානම්. අනුර තාමත් ගොයන්ම පැල හිටවනවා. ජිනදාස විජේවීරට ලුමුම්බා යන්න ලැබෙන්නේ නැහැ.

:       15       28

seneTuesday, 21 February 2023 09:40 AM

කා ගැනද ඔය කියන්නෙ ? ඔය සියලු දෙනාටම බලය තිබූ ඈයො නේද ? තවමත් පාට පක්ෂද ඕනෙ ? රටේ ප්‍රශ්න විසදන හොඳම කණ්ඩායමට චන්දෙ දෙන්න.

:       3       11

Saththaya Monday, 20 February 2023 09:45 PM

ඇපත් නැති වෙන එක, උගත් බුද්දියට නොතේරන එක වයසේ වැරැද්දක්ද ? රට බංකොලොත් වෙනකල් , මෙච්චර කල් උදව් කලේ කාටද ?

:       2       5

nihal Tuesday, 21 February 2023 01:35 AM

අපේ රට විනාශ කරන පොන්න රනියාගේ රැලේ තවත් පින් පඩි ගන්න නොහැකියාවෙන් පෙලෙන තවත් අවජාතකයෙක්

:       11       10

Aravinda Monarawila Tuesday, 21 February 2023 08:06 AM

පුලුවන් කමක් තිබුනත් එයා පාර්ලිමෙන්තුව විසුරුවාහරින්නෙ නැහැ. එහෙම කලොත් අන්තීමට එයාගෙ ජනාදිපති කමත් නැතිවෙනව.

:       9       15

PODDA Tuesday, 21 February 2023 09:55 AM

පුංචි ගම්සභා චන්දය තියන්නේ නැතුව මග අරිනවා .මෙයා නීති තර්ක දදා උනවිකාරෙන් දොඩවනවා

:       8       10

Santhu Tuesday, 21 February 2023 03:54 PM

නේද කියන්නෙ...වසර 75ක් රට විනාස කලා කියනව ඉන් වසර 40 ක්ම (ට කිට්ටුයි) එයැයිලට අමතකයි මොනද කලේ කියල "විනාස " වචනය සින්නක්කර කලෙත් එයාල සහ තාමත්. කොච්චර උඩ දැම්මත් කාසියක ඇත්තෙත් පැති 2යි 3න් පැත්තක් වැටෙන්නෑ

:       2       6

chandima Tuesday, 21 February 2023 10:08 PM

ඒ කියන්නේ මහජන ඡන්දයකින් තොරව පිනට ජනාධිපති වූ කෙනෙකුට ජනතා ඡන්දෙන් පත්වුණු පාර්ලිමේන්තුව ගෙදර යවන්න බලය ලැබෙනවා..?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site