(ඉන්දිකා රාමනායක)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මගින් නිකුත්කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි.
ඔහු ඩ්‍රෝන යානා නිතර ගුවන්ගත කරමින් විවිධ ඡායාරූප ගන්නා බවත්, මෙම යානාව ගුවන්ගත කළ අවස්ථාවක දී පොලීසිය ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙම ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය පවා නොමග යවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 18 වැනිදා කළ විමර්ශනයේ දී ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කිරීම සඳහා ලබා ගත් බව කියන අවසර පත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd