
(අංජුල මහික වීරරත්න)
දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) එක් වෙමිනි.
ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කර එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි සති දෙක තුනක කාලය තුළ එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
සිංගප්පූරුවේ ජුරෝන් බ්ර්ඩ් කුරුලු උයන ආදර්ශයට ගෙන මෙම ජාත්‍යන්තර කුරුලු උයන නිර්මාණය කර තිබෙන බවත් මේ සමඟ මහනුවර පුරවරයේ සංචාරක වටිනාකම තවත් වැඩි වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවාතැන් ගන්න කූඩුත් හදලා. ඔවුන් ආවාම කූඩු ඇරගෙන ඇතුළු වෙලා රෙස්ට් එකක් අරගෙන අපහු යනවා. ඔය සත්තු කූඩුවල දන්න එපා මිනිස්සුනේ....
රටේ ජනතාව වින්දින අමාරුව ගැන පින් ජනපතියාට වගේ වගක් නැහැ.. මොලේ විකාර වෙලාද මන්දා.
මටනම් ලස්සනයි ජනාධිපති අසල සිටින කහකිරිල්ලි පැටියට. සන්චාරක කුරුලුන් විස්වාසකරන්න එපා, අද හිටිය හෙට නෑ.
රටට ඩොලර් එන මරු වැඩක්නෙ බොලං. පොරීන් කුරුල්ලො හොටෙන් ඩොලර් ඇරගෙන් ඇවිල්ල මෙහෙ කුඩුවල නැවතිලා නුවර අයට ඩොලර් ගෙවල ආපහු යයි. ශහ්!, මොලේ ඇති වැඩමන්ට් එකක්.