
(සුජිත් හේවාජුලිගේ)
දිස්ත්‍රික්ක 22 ට අදාලව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බවරජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් දැනටමත් වැයවී ඇතැයිද ඇය සඳහන් කළාය.
මින් රුපියල් කෝටි 7කට වැඩි වටිනා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට බාරදී ඇතැයිද ඇය සඳහන් කළාය.
යම් විදියකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කළහොත් එම මුදල අපතේ යනු ඇතැයි දැනගන්නට ඇත.
මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය තාවකාලිකව නතර කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඡන්ද පත්‍රිකා විසිකරන්නේ අපරාදේ... ටොයිලට් පේපර් හදන තැනකටවත් දෙන්න මේ කඩදාසි නැති කාළේ...!
මෙයාවත් ඉදිරි ආණ්ඩුවකදී නීතිය හමුවට ගෙනැල්ලා දඬුවම් කළයුතු කෙනෙක්. හැමදේම පරහට කරලා අධම පාලකයින්ගේ කීමට ජනතාවගේ පරම ඡන්ද අයිතිය නැතිකළා.
ඕවාට කවදා හරි ගංගානිටත් උත්තර බඳින්න වෙයි...
කිසිම ජනවරමක් නැති, ජනතා අප්‍රසාදයට ලක්වුණු පින් ජනපතියගේ පදේට නටපු මුද්‍රණාලාධිපතිණියගෙන් වෙච්චි අලාභය අයකරගන්න කටයුතු කළ යුතුයි.
මේක විහිළුවක් නොවේ... ජනතාවගේ පරම ආදිපත්‍ය කෙලෙසා දැමීමක්... උත්තර දෙන්න වෙයි නුදුරේදීම... ඔයා පිටිකාල ඉන්නෙ කැවුම් කන්න කලින් හොරපාරේ සල්ලි හොයන්න ගිහින්... දැන් ඉතින් මොනවා කලත් මැතිවරණය කඩාකප්පල් කලොත් සේරටම වැඩ වැරදියි
මොන නාස්තියක්ද අපේ බදු මුදල්