(දයාසීලි ලියනගේ)
පසුව මුදල් ලබා දීමේ ක්‍රමය යටතේ රජයේ සියලු ආයතනවල මුද්‍රණ කටයුතු සිදුකරන නමුත් පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් නිසා රාජ්‍ය ආයතනවල මුද්‍රණ කටයුතු කිරීම ගැටලුවක් වී ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙයි.
පසුගියදා මුදල් අමාත්‍යංශය නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් පසුව මුදල් ලබාදීමේ පදනම මත කටයුතු නොකළ යුතු බවට ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව රජයේ මුද්‍රණාලයට පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු කිරීම ගැටලු සහගත වී තිබුණි.
ඒ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ සියලු මුද්‍රණ කටයුතු සහ අනෙකුත් සෑම ආයතනයකම නිවාඩු ඉල්ලුම් පත්‍රයේ සිට සියලුම මුද්‍රණ කටයුතු සිදුකරනු ලබන්නේ පසුව ගෙවීමේ පදනම මතය.
උදාවී ඇති තත්ත්වය නිසා පාර්ලිමේන්තුව ඇතුළු රජයේ සියලුම ආයතනවල මුද්‍රණ කටයුතු කිරීම අර්බුදකාරී වී ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චක්‍රලේඛයක් අමාත්‍යංශවල වැඩට බාධා කරයි