අද දවසේ අහස පැහැදිලි දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 January 2023
දඹුල්ලෙන් ගංජා කිලෝ 5ක් අල්ලයි යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දියේ නිවසක වළදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 02 January 2023
නීල් බණ්ඩාර හපුහින්න වැඩ බාර ගනී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා කොළඹ පිහිටි ඒම අමාත්‍යාංශයේදී සිය රාජකාරී ආරම්භ කළේය. 02 January 2023
රියදුරු බලපතත් කිව්.ආර් වේ මෙම වසරේ සිට රියදුරු බලපත්‍රය යාවත්කාලීන කරන සෑම රියදුරෙක්ටම කිව්.ආර්. කේතය සහිත නව රියදුරු බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය. 02 January 2023
ගම්පහ ඩෙංගු වැඩි වේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග තත්ත්වයේ විශාල වශයෙන් වැඩි වීමක් පෙන්නුම් කරන බවත් මෙය ජනගහනය ලක්ෂයකට රෝගීන් 505 ක පමණ අයුරින් වැඩිවීමක් වන බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය දැනුම්දීමක් කර සිටී. 02 January 2023
පක්ෂ කීපයක් එක්ව නායකත්ව මණ්ඩලයක් යටතේ ඡන්දයට පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව ,නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි 01 January 2023
දුම්රිය ගමන්වාර 60 ක් හෙට අවලංගු වන ලකුණු සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් හෙට (2) දිනයේදී අවලංගු විය හැකි යැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (1) පැවසීය. 01 January 2023
අගලකඩ සිරිසුමන හිමියෝ අනතුරක කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ අද (1) පස්වරු 3.00ට පමණ කැස්බෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි කැස්බෑව පොලීසිය පවසයි. 01 January 2023
කුඩුවලට මාට්ටු වී දිවි තොර කර ගන්න ගිහින් මත්ද්‍රව්‍ය සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු නොච්චියාගම පොලිස් ස්ථානයේ සිර මැදිරියේදී ගෙල වැල දමා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙ වහා ක්‍රියාත්මක වී එම තරුණයාගේ ජීවිතය බේරා ගෙන ඇත. 01 January 2023
නාල්ල වස සිද්ධිය පොඩි දරුවා මරුට මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය පස් හැවිරිදි දරුවා අද උදෑසන මිය ගිය බව ගම්පහ නාල්ල පොලිසිය පවසයි. 01 January 2023
අයිස් ගැසූ ආධුනික පී.සී අල්ලයි නිවසක් තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් දෙහිඕවිට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 01 January 2023
සේවක හිඟයෙන් දුම්රිය ප්‍රමාදයි දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් සේවකයන් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය. 01 January 2023
මහ බැංකුවේ අරමුණ මහා නා හිමිවරුන්ට කියයි උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි . 01 January 2023
ඝාතන තැතකට අනුබල දුන් අයෙක් මාට්ටු කඩවත ප්‍රදේශයේ තරුණයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී ,මුඛයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ තැත්කළැයි කියන සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 January 2023
‘‘කැබිනට් යෝජනා පිළිගන්නේ නෑ‘‘ විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය. 01 January 2023
ක්ලයිව් ෆොන්සේකා මහජන බැංකුවට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතා පත් කර තිබේ. 01 January 2023
සිරකරුවන් 2000කට දරුවන් ලක්ෂ 11ක පෝෂණය වැඩි කළ හැකියි සිරකරුවන් 2000ක පොදු සමාව යටතේ නිදහස් කරන්නේ නම් රජයට වසරකට රුපියල් කෝටි 80ක පමණ මුදලක් ඉතිරිකර ගත හැකි බව වෛද්‍යවරු කණ්ඩායමක් පෙන්වා දෙති. 01 January 2023
’’හොඳ කපිතාන්’’නෞකාව ගමනාන්තයට ගෙන යාවි ශ්‍රී ලංකාව නැමැති නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන අතර ’’නෞකාව’’ ගමනාන්තය කරා රැගෙන යාමට හොඳ කපිතාන්වරයකු ද ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 01 January 2023
විදුලි ගාස්තු ඉහළ ගියොත් ජල ගාස්තුවත් ඉහළට විදුලි ගාස්තු ඉහළ නැංවීමට සාපේක්ෂව ජල ගාස්තු ද ඉහළ නැවීමට සිදුවනු ඇති බවත් ජල සැපයුම සඳහා විශාල විදුලියක් වැයවන බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 January 2023
’’දිය කොව්ලා’’ ’’හංසකාවා’’ වැඩ අරඹයි වරාය ගැඹුරු කිරීමේ කටයුතුවලින් ඉවත් කර තිබූ දිය කොව්ලා හා හංසකාවා යාත්‍රා දෙක වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත ඒ මෙහෙයුම් සඳහා නැවතත් යොදවනු ලැබීය. 01 January 2023
ක්‍රීඩා අමාත්‍යංශයට නව ලේකම්වරයෙක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ. මහේෂන් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (1) පෙරවරුවේ වැඩ භාරගත්තේය. 01 January 2023
ඇප ලැබුණු කංජිපානි ඉන්දියාවට පනී ශ්‍රී ලංකාවේ පාතාල නායක කන්ජිපානි ඉම්රාන් තමිල්නාඩුවේ රාමේශ්වරම් නගරයට ඇතුළු වී ඇති බවත් ඒ පිළිබඳ තමිල්නාඩු ප්‍රාන්තයේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අවධානයෙන් සිටින ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශ දන්වා ඇතැයි ’’ද හින්දු’’ පුවත්පත වාර්තා කර ඇත. 01 January 2023
ආගමික ස්ථාන සුදෝ සුදින් බැබලේ 2023 නව වසර උදාවීමත් සමග ජනතාව ආශිර්වාදය ලබා ගැනීමට ආගමික ස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණි. 01 January 2023
කතරගම ගොස් එන අතරමග අනතුරෙන් 15 රෝහලට කතරගම ගොස් ආපසු එමින් සිටි සුඛෝපභෝගි බස්රථයක් අද (01) පෙරවරුවේ දි දක්ෂිණ අධිවේගි මාර්ගයේ 88 වැනි කිලෝමිටරය අසලදි මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් බසයේ ගමන්ගත් 15 දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 01 January 2023
නුවරඑළියට මල්තුහින දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (1) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 January 2023
අයහපත් කාලය ඉවරයි අයහපත් කාලය දැනටමත් පසු කර ඇති අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 January 2023
අරගලය අස්සේ ජනපති මැදුරේ වටිනා චිත්‍ර 39 ක් උස්සලා ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇත. 01 January 2023
රජයේ ආයතනවල උත්සව ලබන වසරටත් බෑ රජයේ ආයතන විවිධ උත්සව සඳහා කරන වියදම් නතර කරන ලෙසටවූ නියෝගය ලබන වසර දක්වාම බලපැවැත්වෙන බව දන්වමින් මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 01 January 2023
ජන. 01 දා ගමන් අරඹා දෙසැ.31දා ගොඩබාන ගුවන් යානය යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය ලෝකයේ අද(01) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට, ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත් විය. 01 January 2023
පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය. 31 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026