(යොහාන් භාසුර)
කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේ ඇති එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය.
කඩාකප්පල්කාරි පිරිසක්එම කාර්යාලයට ඇතුළු වී එහි ඇති රාජ්‍ය වටිනාකමක් ඇති ලේඛණ සහ ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට ඉඩ පවතින බවට කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ කරුණු ඉදිරිපත් කිරීමකට අනුව ලැබුණු අවසරයක් මත මෙම මුද්‍රා තැබීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කියන්නෙ රාජ්‍ය ත්‍රස්ථවාදය කියල
දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිල වැඩිකරන්න එපා කියලා ලොකු සටනක් කළේ වරදකටද? අහිංසක ජනතාව වෙනුවෙන් කතා කරන්න මිනිස්සු ඉතුරු වේවිද?
රනිල් රජපක්ශගෙ පිස්සුව තද වෙලා, පලිගැනිම් බියවැද්දවීම් තර්ජනය කිරිම් නිමක් නැහැ.
මේවා ජේ.ආර් කාලේ කරපුවා. රනිල් කියන්නේ එයාගේ බෑණා නෙවෙයි. මාමණ්ඩිය...
ජනකට චෝදනා පත්‍රයක් විතරද? දඬුවම් නැද්ද? හොරකම් කළා... තට්ටු හෝටල් ගහගත්තා...
පව් අහිංසකයා...!