(නිමන්ති රණසිංහ)
මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන කාබොෆැටීන් නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35/3, දෙවන මාවත, අඹගහ පුර, මහරගම පදිංචි අපේක්ෂා රෝහලේ ඖෂධවේදී මිස්සක උදයංග කන්දමුල්ල ගේ නමැත්තාය.
ගැබ්ගෙල පිළිකාව සදහා ලබා දෙන කාබෝෆැටීන් නැමැති ඖෂධය පිළිකා රෝහලේ නොමැති බවත් එම ඖෂධය මෙම සැකකරුගෙන් ලබාගැනීමට හැකියාවක් ඇති බවත් රෝහලේ කිසියම් තැනැත්තෙකු ප්‍රකාශ කර තිබූ බවත් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල සිදුකළ පැමිණිලිකරු ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ පැමිණිලිකරු සැකකරුගෙන් මහරගම ප්‍රදේශයේ දී එම ඖෂධය ලබාගන්නා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ උපාය දූතයෙකු ඉදිරියේ දී වැටලීමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිකන් දෙන පෙත්තට 20,000ගත් ඖෂධවේදියා රිමාන්ඩ්
karolis Thursday, 16 February 2023 08:09 PM
ලංකා සමාජය කඩා වැටුණේ දේශපාලනය නිසාද? නැත්තන් සමාජය නිසා දේශපාලනය කඩා වැටුණේද?
Sunil Friday, 17 February 2023 11:09 AM
අන්ත අසරන තත්වයට පත්ව ඇති පිළිකාරෝගීනුත් ගසා කන මුන්ට අපාගත වන්න නිරයක් නැතිවෙයි.