IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිවරණ අර්බුදය ඔඩු දුවන්න පෙර විසඳා ගන්න

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය සඳහා වියදම් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු සහගත තත්ත්ව අර්බුදයක් බවට පරිවර්තනය වීමට පෙර  සාකච්ඡා මගින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCEMS) මැතිවරණ  කොමිසමෙන් ඉල්ලා සිටීයි.

මේ වන විට ශ්‍රී ලංකාව බංකොලොත් භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක් බව බොහෝ දෙනකු අමතක කරන කරුණක් යැයි කියන මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය එවැනි තත්ත්වයක් තුළ මහජනතාවගේ අවම එදිනෙදා ජීවන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා රජයේ මුදල් මුලුමනින්ම වැය කිරීමට සිදුව ඇතැයි යන්න අමතක කළ යුතුව නැතැයි පවසයි.

එබැවින් නිශ්චිත කාල සටහනක් අනුව මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සියලු පාර්ශ්ව අතර එකඟතාවන් තුළින් ඇති කර ගනිමින් මැතිවරණය පැවැත්වීම සඳහා උචිත සැලසුමක් සකස් කර ගැනීමට වහාම කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ එස්.බී හේරත් මහතා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටීයි.

 



අදහස් (4)

මැතිවරණ අර්බුදය ඔඩු දුවන්න පෙර විසඳා ගන්න

ලක්මාල් Thursday, 16 February 2023 07:06 PM

අම්මෝ මේ අර මැතිවරණය තියන්න එපා කියන මැතිවරණ නිරීක්ෂණ ආයතනයනේ... මේ තමා ලෝකේ තියන එකම මැතිවරණ නිරීක්ෂණ ආයතනය මැතිවරණ තියනවාට අකැමැති. මොකද මෙයාලා කරන නිරීක්ෂණයක් නෑ. එක්තරා දේශපාලන පක්ෂයක ඕනෑකම් වෙනුවෙන් බොරුවට මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් විදිහට පෙනී ඉන්නවා.

:       10       33

ranjith Thursday, 16 February 2023 08:04 PM

මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය තාම නැහැ. ඒකෙන් කියන්නේ මැතිවරණ එපා කියලා. එතකොට මෙයාලට මොනවා නිරීක්ෂණය කරන්නද? රාජ්‍ය නොවන සංවිධාන විහිළුවට පත්කරන සංවිධාන...

:       1       3

සිරිල් සෙනෙවිරත්න Friday, 17 February 2023 12:26 AM

මේ අවස්ථාවේ මහජනතාවගේ එකම ඉල්ලීම පළාත් පාලන මැතිවරණයයි.

:       2       2

JBV ප්‍රනාන්දු Friday, 17 February 2023 01:02 PM

දූෂිත දේශපාලනඥයන් පත්වන, යල් පැනපු, අධි වියදම් සහිත පළාත් පාලන මැතිවරණ නැවතත් පැවැත්වීම බංකොළොත් රටකට ඔරොත්තු නොදෙන 'සෝද සෝදා මඩේ දැමීමකි'. 'ග්‍රාම රාජ්‍ය' සංකල්පය අනුව, පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන අපේක්ෂකයන් වෙනුවට, ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ යෝජිත, ස්වාධීන ‘ජන සභා’ සාමාජිකයින් වශයෙන් අවංක හා පිළිගත් ගම්මුන්ට තරඟ කිරීමටත්... මැතිවරණය ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අඩු වියදමකින්, සරලව පැවැත්වීම සඳහාත්, 'ක්‍රම වෙනසක්' කළ යුතුයි. එවිට, පළාත් පාලන ආයතන, පක්ෂග්‍රාහී, ‘දූෂිත දේශපාලඥයින්’ පෝෂණය කරන ගර්භාෂයන් වෙනුවට, රට පළමුවට තබන, අනාගත ‘දේශපාලන වෘත්තිකයින්’ හැඩගස්වන තවාන් බවට පරිවර්තනය වනු ඇත.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site