
( තිලකරත්න දිසානායක)
ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සහ විකිණිමට සූදානම්කර තිබු ගජමුතු සිය බාරයට ගැනීමට ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව ඇත.
රුපියල් ලක්ෂ 38 කට මෙම ගජමුතු අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
ගජමුතු දෙකක් අලෙවි කිරීමේ සූදානමක් පවතින බවට ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශයට ලද තොරතුරක් මත එම අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂාවක් මත ගම්පහ - පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ විහාරස්ථානය අසලදී සැකකරුවන් පස් දෙනා අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
මොවුන් මහව , ගම්පහ සහ අරනායක යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35 - 45 අතර වයසේ පසුවන්නන් බවද පොලීසිය කියයි.
ගැනුම්කරු පැමිණෙන තෙක් විහාරස්ථානය අසල සැකකරුවන් රැඳී සිටි බව මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගජමුතු විකුණන්න ගිය 5 ක් මාට්ටු