(අංජුල මහික වීරරත්න)
අර්තාපල් වගාව සඳහා යොදා ගන්නා කිසිදු ඉඩමක් වෙනත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ඉඩ නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව සදහා යොදා ගනු ලබන ඉඩම් සුවිශේෂි ඉඩම් වන හෙයින් එම ඉඩම්වල වෙනත් බෝග වර්ග වගා කිරීම හෝ ගොඩනැගිලි වෙනත් ඉදි කිරීම් නොකල යුතු යැයි අමාත්‍යවරයා දුන් උපදෙස් වල සඳහන්ය.
අර්තාපල් වගාව සදහා විශේෂිත වූ ඉඩම් ඇත්තේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් බවත් එයිනුත් වැලිමඩ, නුවරඑළිය හා යාපනයේ තිබෙන ඉඩම් විශේෂ බවත් අමාත්‍යාංශය පවසයි.
2023 යල කන්නයේ දී හෙක්ටෙයාර් 2700ක් හා මහ කන්නයේ දී හෙක්ටෙයාර් 1881 වශයෙන් හෙක්ටෙයාර් 4581ක අර්තාපල් වගා කිරීමට සැලසුම් කර තිබේ. එමගින් මෙට්‍රික් ටොන් 14,400ක අස්වැන්නක් අපේක්ෂිතය. එසේ වුවත් තවත් අර්තාපල් මෙට්‍රික් ටොන් 154,000ක් ආනයනය කිරීමට සිදුවේ.ලංකාවේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 230,000කි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්තාපල් ඉඩම් වෙන වැඩවලට තහනම්
de silva Thursday, 16 February 2023 02:18 PM
මෝඩ තීරණ, ලංකාවේ වගාකරන අර්තාපල්වල මිලෙන් භාගයකටත් අඩුවෙන් පිටරටින් ගෙන්වන අර්තාපල් වෙළඳපලේ තියෙනවා. අර්තාපල් වෙනුවට වෙනත් එළවළු වර්ග වැව්වානම් නරකද? ආර්තාපල් වලින් වැඩිපුර පෝෂ්‍යපදාර්ථයක් ලෙස ලැබෙන්නේ පිෂ්ඨ ධාතුව පමණි. පිෂ්ඨය බත්වලිනුත් ලැබෙනවා. අර්තාපල් වෙනුවට විටමින් ඇති එළවලු වගාකරන්න.
සුනිමල් Thursday, 16 February 2023 03:05 PM
ගොවියෙක් වෙලත් මේ මනුස්සයා සශ්‍ය මාරුව නොදන්නා බවක් පේනවා. වගා හානි නොවීමටත් වැඩි අස්වැන්න සඳහා සශ්‍ය මාරුව ඉතාමත් හොඳයි.... මේ හදන්නේ ලංකාවේ අර්තාපල් නැතිකරන්නද කියලත් හිතෙනවා...