(සුජිත් හේවාජුලිගේ )
පළාත්පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ලබන සතියේ පාර්ලිමේන්තුව තුළ දැඩි සටනක් කිරීමට සමගි ජන බලවේගය,ජාතික ජන බලවේගය පක්ෂය, සහ නිදහස් ජනතා සන්ධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් තීරණය කර ඇත.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර පළාත් පාලන ඡන්දය කල් දැමීම, විදුලිය බිල ඉහළ දැමීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් මතුව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින්ම කැඳවන ලෙස නිදහසේ ජනතා සන්ධානය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් 35 දෙනකු කතානායකවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දැනටමත් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තුව පෙර තීරණය කරගත් පරිදි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදා අඟහරුවාදාය.
මේ සම්බන්ධයෙන් අප රජයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන හෙයින් හදිසියේ රැස්වීමේ අවශ්‍යතාවක් නැති බවයි.
මේ අතර රටේ පවතින තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන වැඩි කිරීමටද ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබයේ ලොකු අරගලයක්?