(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ
මිතුරන් දෙදෙනකු වන මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය සහ ජපන් ජාතිකයකු විසින් පදවාගෙන ආ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇති බව එරට පදිංචිව සිටින වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ පවන් කළුආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි නිසල් චාරුක විදානගමගේ සහ හලාවත ප්‍රදේශයේ පදිංචිව රජිත ලක්මාල් සඳරුවන් සිටි යන තරුණයන් දෙදෙනා බව ද කළුආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය
මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගේ දේහයන් මෙරටට එවීමට එරට සිටින ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරන් ආධාර මුදල් එකතු කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ අනතුරකින් මෙරට තරුණයෝ දෙදෙනෙක් මරුට
පිටිගල මිලානෝ Saturday, 18 February 2023 11:41 AM
දැන් ඉතිං මරණ ලංකාවට එවලා මොනවා කරන්නද? ජපානේ ලංකාවේ කට්ටිය එකතුවෙලා කෝටි ගාණක රක්ෂණ මුදල් ගැන පවුල් දෙකේ අයව දැනුවත් කරන්න...
රනිල් Saturday, 18 February 2023 06:32 PM
ඔව්, ඔව් ඒ මුදල් ඔක්කෝම ශතයක්වත් අඩු නැතිව ඔබගේ බැංකුව හරහා ලංකාවට එවන්න. ඩොලර් නැතිව මේ රටේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන මොහොතක මේ විදේශ විනිමය අපිට බොහොම වැදගත්... ඒ වගේම ඒ මියගිය තරුණයින්ට පින් ප්‍රාර්ථනා කරමි. විදේශ විනිමය අපිට අත්‍යාවශ්‍ය නිසා මේ වගේ ජීවිත පරිත්‍යාගයෙන් හරි අපිට ඩොලර් ලබාදෙන අය වෙනුවෙන් පින් පොතක් විවෘත්ත කරන්න මම බලාපොරොත්තු වෙනවා. ජනාධිපති මන්දිරයේ... එතකොට රටට ඩොලර් ලබාදීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන සියලුම පින්වතුන්ගේ ශ්‍රී නාමයන් ඒ පොතේ සටහන් කරනවා. එය ඒ අයගේ පරම්පරාවේ අයට ලොකු ආඩම්බරයක් වෙනවා. ඔබ සැමට ස්තුතියි. ප.ලි - හොරපාරෙන් උණ්ඩියල්ද, මොකක්ද කියන මලජරාවෙන් එහෙම සල්ලි එවලා අහුවෙන්නේ එපා. මම නරක මිනිහයි කියන්න එපා. මට දැන් උන්නත් එකයි, මලත් එකයි.