(සුමිත් පොතුපිටිය )
දින හතක් වයසැති බිළිඳියක් තුන්වරක් පොලොවේ ගසා ඝාතනය කල 28 හැවිරිදි සැකකාර මවක් ලද තොරතුරක් මත අද (17) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පයාගල,හල්කඳවිල , කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවකට දාව නාගොඩ ශික්ෂණ රෝහලේදී පසුගිය 9 දා උපත ලද නිවුන් බිළිඳියන් දෙදෙනාගේන් බාල දියණිය බව පොලිසිය සදහන් කරයි.
මව්පිය දෙදෙනා බිළිදියන්හට නම් තැබීම සදහා ඉකුත් 15 දා ජෝතීර් වේදියෙකු හමුවීම සඳහා ගොස් නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය කීය.
එදින පස්වරුවේ බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් සැක සිතී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවට හෙළි වීමෙන් පසු බිළිඳියගේ මව අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
දැරියගේ මව බිළිඳියගේ නහය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද අනාවරණය වේ.
අඹුසැමි යුවළ මීට වසර තුනකට පෙර විවාහ වී ඇති බවත්, ඔවුන්ගේ කුළුදුල් දරු උපත මෙය බවත් සඳහන් වේ.
සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර (වැබ) මහතාගේ උපදෙස් පරිදි අපරාධ සහ ළමා කාර්‍යාංශ නිළධාරීනියන් පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත කියවන විට ඇඟත් එක්කම හිරිවැටුණා. ජෝතීර් වේදියා හමුවී ආපසු බාල බිලිඳියම මේ ලෙස ඝාතනය කළා කීවාද දන්නෑ. බාල බිළිඳියගෙන් පවුලට අපලයි කියලා...
පසු ප්‍රසව විශාදය...
අනේ මෙහෙමත් අම්මලා. මේ රටට මොනවා වේගෙන එනවාද මන්දා...? මියගිය දියණියට නිවන්සුව පතමු...
මං ඉපදුණාම කේන්ද්‍රය හදපු ජෝතිර්වේදියා කියලා තියෙනවා මේ ඉපදිලා තියෙන්නේ අංගුලිමාල වගේ දරුණු පුද්ගලයෙක් නිසා මරලා දැම්මේ නැත්නම් අම්මා දවස් 7 න් මැරෙනවා. තාත්තා මාස තුනකින් හිරගෙට යනවා. මුළු පවුලටම විනාශ කාලයක් එනවා කියලා. ඉතිං අම්මා මට දවස් 7ක් කිරි දෙන්නේ නැතුව පැත්තකට දාලා තිබිලා දවස් 7 න් අම්මා මැරුණේ නැති නිසා කිරි දීලා තියෙනවා.
තාවකාලික මානසික රෝග තත්ත්වයක්. මෙය වළක්වා ගතහැකිව තිබූ දෙයක්. දැනුවත්භාවය නොමැතිකම නිසා වූ හානියක්. අනිත් දරුවාත් අනතුරේ.. රෝහලේදී මේ තත්ත්වය හඳුනාගෙන නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්...!