
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෝටිපති ව්‍යාපාරික මාමා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට යටවී වයස අවුරුදු එකහමාරක දැරියක් මිය ගොස් ඇති බව කොහුවල පොලිසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල කලුබෝවිල පි .රූබන් පීරිස් මාවතේ පදිංචිව සිටි සුවයිරා මොහොමඩ් මුස්තාක් දැරියයි
මෝටර් රථය පැද වූ දැරියගේ මවගේ සහෝදරයා වන 28 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත
සැකකරු නිවසින් පිටවී යාමට පෙරේදා 16 දහවල් සූදානම්ව මෝටර් රථය නිවස ඉදිරිපිටට ගරාජයෙන් පිටතට ගැනීමේ දී මෝටර් රථය ඉදිරියට පැමිණි දැරියව බපරයට සහ පොළවට තෙරපීමෙන් අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
අනතුර සියැසින් දුටු නිවසට පැමිණ යතුරු පැදියෙන් පිටවීමට ගිය පුද්ගලයෙකු ඒ බව සැකකාර රියදුරුට දැනුම් දීමත් සමග ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර නැවතත් දැරියව මෝටර් රථයේ බපරයට සහ පොළොව අතර තෙරපී ඇතැයි පොලිසිය කියයි
වහා ක්‍රියාත්මක වූ නිවැසියන් දැරියව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (17) අළුයම මියගොස් ඇති බව පොලිස් නිලධාරියකු පැවැසීය
අනතුර සිදු වන ආකාරය නිවසේ සවි කර තිබූ සීසීටීවී කැමරාවේ මනාව සටහන්ව ඇති බවත් අනතුර සිදු වූ ස්ථානයේ කිසිදු ලේ පැල්ලමක් දක්නට නැති බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මූලික පරීක්ෂණ සිදුකර මෝටර් රථය පොලිස් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩි චන්ද්‍රසේන , පොලිස් සැරයන් 71426 ප්‍රභාත් පොලිස් කොස්තාපල් 92444 ගිම්හාන මහත්තුරු පරීක්ෂණ පවත්වයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ සිහියක් නැති කාලකණ්ණින්ගෙන් පිරුණු අපේ රටේ අහන්න, දකින්න ලැබෙන්නේම මේ වගේ ඛේදවාචක...!
රුධිර පරීක්ෂණයකින් දැනගන්න ලැබෙයි... මාමා මොනවා බීලද හිටියේ කියලා...!
මල් කැකුළක්...!
මතු භවයේ මෙවන් විපතක් නොවේවා...!
මේ මිනිස්සුන්ගේ ඇස් පෙන්නේ නැද්ද? පව් පුංචි රෝසමල... ඔබට නිවන් සුව පතමු...
සුඛෝපභෝගී මෝටර් රථයක්….? බෆර් එකේ සෙන්සර් වත් නැහැ. සෙන්සර් තිබ්බා නම් සද්දෙට කාර්එක නවත්තලා බැහැලා ළමයව අයින් කරන්න තිබුණා....