(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ පොලිසිය ආසන්නයේදි බඹරුන්ගේ ප්‍රහාරයකට ලක්විමෙන් දැඩි අසාධ්‍ය තත්වයට පත්ව මවක්, ඇයගේ දරුවන් දෙදෙනාත් සහ පොලිස් නිලධාරින් දෙනෙකු මිහින්තලය රෝහලට අද (17) පස්වරුවේ ඇතුලත් කළ බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මහදිවුල්වැව පදිංචි 30 හැවිරිදි මවක් සහ ඇයගේ 11 හැවිරිදි දියණිය,06 හැවිරිදි පුත්‍රයා,මිහින්තලයේ පොලිසියේ සැරයන් වරයෙක් හා පොලිස් කොස්තාපල් වරයෙකු ඇතුළු පස් දෙනෙකි.
මහදිවුල්වැව පදිංචි මව සිය දරු දෙදෙනාත් සමග මිහින්තලය රෝහලට පැමිණ ආපසු යමින් සිටියදි පොලිසිය ආසන්නයේ ගසක බැද තිබු බඹර කුඩයක් ඇවිස්සිමෙන් බඹර ප්‍රහාරයකට ලක්ව ඇතැයි පොලසිය කියයි.
එම බඹර ප්‍රහාරයෙන් බේරිම සදහා මෙම මව සිය දරුවන් දෙන්නාද රැගෙන පොලිසිය වෙත දුව ගොස් තිබේ.
එහිදි මිහින්තලේ පොලිසියේ ගේට්ටුව ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු මව සහ ඇයගේ දරැවන් දෙදෙනා බඹර ප්‍රහාරයෙන් මුදවා ගැනිමට උත්සහා දරද්දි ඔවුන් දෙදෙනාද බඔරැන්ගේ ප්‍රහාරයට ලක්වි තිබුණි.
මින් දැඩි ආසාධ්‍ය තත්වයට පත්වු ඔවුන් පස්දෙනාම ප්‍රතිකාර සදහා මිහින්තලය රෝහලට ඇතුලත් කොට තිබේ.
මිහින්තලය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්සන පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුන්ට දැඩි සේ ආදරය කරන ජනතාවක් වෙසෙන රටක මදුරු ගහනය වැඩි වුණා වගේ බඹරු ගහනයත් වැඩි වුණා නම්, කොතරම් හොඳද ශරීරවලට කොතරම් සනීපද? මගේ මිතුරියක් කිව්වා, මදුරුවන්ට පව් කියලා අර විදුලිය සම්බන්ධ කරලා තියන රැකට් එක භාවිතා කරලා මදුරුවන් මරන්නේ නැතිලු ඇය... බලන්න පින්වතුනී, අපි කොතරම් සිල්වත් ජාතියක්ද නේද?