IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජා.ජ.බ යූ.එන් යයි

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කරමින් සිටින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට ජාතික ජනබලවේගය අද (17) කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රමුඛ පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ ලිපියක් භාරදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාරදුන් බවයි.   



අදහස් (9)

ජා.ජ.බ යූ.එන් යයි

යෝගා Friday, 17 February 2023 08:06 PM

දැන් අනුරගේ ලියුම දැක්ක ගමන් යූ. එන් එකේ ලොක්කා ඇවිත් රනිල්ට ලොකු ටොක්කක් ඇනලා ඡන්දෙ තියන්න කියයි නේද?

:       0       0

Sanath Kandy Friday, 17 February 2023 09:43 PM

මැතිවරණය කල් යන තරමට ජාතික ජන බලවේගයට වැටෙන ඡන්ද ප්‍රමාණය දවසින් දවස වැඩිවෙනවා...

:       2       0

Deepal Nirosh Saturday, 18 February 2023 05:45 AM

අනේ සාමාන්‍ය දැනීමක මහත? තාම හිතාගෙන ඇත්තේ රටේ ජනාධිපති ගෝඨාභය කියලද? නැත්නම් උගුරට හොරා බෙහෙත් කනවාද?

:       5       167

Sunil Saturday, 18 February 2023 08:26 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියා හෝ, වෙනත් ජාත්‍යන්තර ආයතනයකට කියා හෝ මේ දුෂ්ඨ ඒකාධිපතින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දුර්දාන්ත ක්‍රියාකලාපය නැවත දමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කළ යුතුයි.

:       61       7

ranjana Saturday, 18 February 2023 09:35 AM

දැන් UN එක ඡන්දෙට සල්ලි දේවි...

:       101       136

aravinda amaranayakeSaturday, 18 February 2023 01:46 PM

අසූචිත් නැතිව අසූචි පෝර නැවට ගෙව්ව සල්ලි වලින් ඡන්දෙ කරන්න තිබුණනේ කියලා... UN එක බැහැ කියයි...

:       11       2

Chris Saturday, 18 February 2023 09:55 AM

රටේ අනාගතය තීරණය කරන බැරෑරුම් ප්‍රශ්නයක් අප සියලු‍ දෙනා හමුවේ තිබේ. එවන් අවස්ථාවක රටේ දේශපාලන තන්ත්‍රය වැඩ කළ යුත්තේ ඉතා විමසුම් සහගත වගකීමකින් යුතුවය. මන්ද සියලු‍ දේශපාලන සීමාවලට එපිටින් ජාතික අභිලාෂ පවතින හෙයිනි. එම අභිලාෂ මගනොහැර ඉටුකර ගැනීමෙන් පමණක් අපට දේශපාලනය කිරීමට පවා රටක් රාජ්‍යක් ඉතිරි වේ. එසේ හෙයින්, මේ අති විශේෂ අවස්ථාවේ දී අපගේ මූලික ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය සහය පවතින ආණ්ඩුවට ලබා දී ඒවා ජයගැනීමෙන් පසු අපගේ බල හරඹය පටන්ගත හැකියි...

:       124       163

පොඩි එකාගෙ ලියුම Saturday, 18 February 2023 11:55 AM

මව්බිම නැත්නම් මරණය - පොඩි එකාගෙ ලියුම් කෑල්ල සමගින් අපි දිනන්නෙමු!!

:       4       61

Santhu Saturday, 18 February 2023 12:53 PM

සලකා බලයි...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site