(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කරමින් සිටින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට ජාතික ජනබලවේගය අද (17) කටයුතු කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රමුඛ පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ ලිපියක් භාරදුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාරදුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අනුරගේ ලියුම දැක්ක ගමන් යූ. එන් එකේ ලොක්කා ඇවිත් රනිල්ට ලොකු ටොක්කක් ඇනලා ඡන්දෙ තියන්න කියයි නේද?
මැතිවරණය කල් යන තරමට ජාතික ජන බලවේගයට වැටෙන ඡන්ද ප්‍රමාණය දවසින් දවස වැඩිවෙනවා...
අනේ සාමාන්‍ය දැනීමක මහත? තාම හිතාගෙන ඇත්තේ රටේ ජනාධිපති ගෝඨාභය කියලද? නැත්නම් උගුරට හොරා බෙහෙත් කනවාද?
එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියා හෝ, වෙනත් ජාත්‍යන්තර ආයතනයකට කියා හෝ මේ දුෂ්ඨ ඒකාධිපතින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දුර්දාන්ත ක්‍රියාකලාපය නැවත දමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කළ යුතුයි.
දැන් UN එක ඡන්දෙට සල්ලි දේවි...
රටේ අනාගතය තීරණය කරන බැරෑරුම් ප්‍රශ්නයක් අප සියලු දෙනා හමුවේ තිබේ. එවන් අවස්ථාවක රටේ දේශපාලන තන්ත්‍රය වැඩ කළ යුත්තේ ඉතා විමසුම් සහගත වගකීමකින් යුතුවය. මන්ද සියලු දේශපාලන සීමාවලට එපිටින් ජාතික අභිලාෂ පවතින හෙයිනි. එම අභිලාෂ මගනොහැර ඉටුකර ගැනීමෙන් පමණක් අපට දේශපාලනය කිරීමට පවා රටක් රාජ්‍යක් ඉතිරි වේ. එසේ හෙයින්, මේ අති විශේෂ අවස්ථාවේ දී අපගේ මූලික ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය සහය පවතින ආණ්ඩුවට ලබා දී ඒවා ජයගැනීමෙන් පසු අපගේ බල හරඹය පටන්ගත හැකියි...
මව්බිම නැත්නම් මරණය - පොඩි එකාගෙ ලියුම් කෑල්ල සමගින් අපි දිනන්නෙමු!!
සලකා බලයි...