(එම්.කේ.නන්දසේන)
පානදුර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි හිමි නමක් මැණික් ගඟේ අංක 02 පාලම අසල තොටුපලේ දිය නාමින් සිටියදී අද (17) රාත්‍රි 8 ට පමණ කිඹුලෙකු ඩැහැගෙන යාමට උත්සාහ කල අවස්ථාවේදී කිඹුලා සමග පොර බැඳීම නිසා හිමි නමගේ වම් අතේ ඇඟිල්ලකට තුවාල සිදුවී කතරගම රෝහල වෙත ඇතුලත් කරනු ලැබිණ.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ පානදුර, වෙිරවත්තපාරේ ශ්‍රී විජයාරාමයේ වැඩවසන සීගිරියේ සද්ධාතිස්ස නැමැති 24 හැවිරිදි හිමි නමකි.
කතරගම රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදී ඇති අතර වම් අතේ ඇඟිල්ලකට තරමක තුවාල සිදුවී ඇතැයි වෛද්‍යවරු කියයි.
මීට මාස කීපයකට ඉහතදී සෙල්ල කතරගම දියනාමින් සිටි කාන්තාවක් කිඹුලෙකු ඩැහැගෙන යාම නිසා මරුමුවට පත්වී තිබූ අතර අවස්ථා කීපයකදීම ප්‍රදේශවාසීන්ට සහ වන්දනාකරුවන්ට කිඹුලන් හානි සිදුකර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් දැන් සත්තු, ලංකාවේ මිනිස්සුන්ට වඩා බුද්ධිමත්. කිඹුලන්ව අපි ආරක්ෂා කරගත යුතුයි.
මේ ස්ථානවල කිඹුලන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා කිසිම ආරක්ෂක වැඩපිළිවෙලක් හෝ අඩු ගණනේ අවවාදාත්මක පුවරුවක්වත් නෑ. ඒ කාලේ මැණික් ගඟේ කිඹුලන් හිටියේම නෑ. මිනිසුන් ගඟක, ඇලක නාද්දී අසල්වාසීන්ගෙන් ඒ ස්ථානය ගැන අහලා බලලා ඒකට බහින එක තමයි හොඳ.... දැන් කිඹුල් ගහනය වැඩිවෙලා. ප්‍රවේසමෙන්...
ඔබවහන්සේට ඉක්මන් සුව ලැබේවා...! ජීවිත හානියක් වීමට පෙර අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ගේ අවධානය යොමු වේවා...!
අසීමිත ආදායම් ලබන සිද්ධස්ථානයක් තම වන්දනා කරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි...
සෙල්ල කතරගම මැණික් ගඟේ අඩි දොළහක් පමණ දිග දාර කිඹුලෝ ඉන්නේ. වැඩුණු මිනිහෙක් එක කටකට ඇති...
මිලානෝ සිට දැක්කේ කොහොමද?
වල් අලින්, ඌරන්, කිඹුලන් වැනි සතුන්ට ස්වාභවික ආහාර දාමයේ විලෝපිකයින් නොමැත. එබැවින් උන්ගේ ගහනය පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකළ යුතුයි.
කිඹුලා අල්ලලා දියවන්නාවට දාන්න ඕනේ..!