වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පෙරවරුවේ පැවසීය. 30 December 2022
’’බලු මූණා’’ අත්අඩංගුවට ආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම් , පැහැරගැනීම් සිදු කළ ’’ බලු මූණා ’’ කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 30 December 2022
මෝදිගේ මවගේ අභාවයට ජනපති සොව කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෑණියන් ගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලවත් ශෝකය පළකර තිබේ. 30 December 2022
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව අයතන ප්‍රධානීන්ට දුන් පණිවුඩය ජාතික රක්ෂණ භාර අරමුදල වාරික ගෙවීම් මින් ඉදිරියට සෘජුවම අරමුදල වෙත එවන ලෙසට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මගින් සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. 30 December 2022
ආණ්ඩුකාර කාර්යාලයේ බිල් පළාත් සභාවෙන් ගෙවලා ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පාවිච්චි කළ නිවසේ පවත්වාගෙන යන ආණ්ඩුකාර කාර්යමණ්ඩලයේ කාර්යාලයේ මාසික විදුලි හා ජල බිල්පත් වල වටිනාකම රුපියල් 314 761කි. 30 December 2022
මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය. 30 December 2022
වායු දූෂණය මනින්න උපකරණ තුනක් වායුව මිනුම් ගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපකරණ තුනක් ලබාදී ඇති බව පරිසර අධිකාරියේ වායු දූෂණ ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥය සංජය රත්නායක මහතා කීය. 30 December 2022
හෝටලයට යන පාර නොකී ඒ.එස්.පී. ගුටි පූජාවක් හෝටලයකට යන මාර්ගය ගැන කිව්වේ නැතැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයකුට පහර දුන් බව කියන තරුණයෝ දෙදෙනෙක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 30 December 2022
පේලේ සමුගනී ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. 30 December 2022
මෙරට ගෙවල් විකුණා ඩොලර් ලක්ෂ පහක් සොයයි නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කර මේ වනවිට ඇමරිකා ඩොලර් ලක්ෂ පහකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 29 December 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් නම් කිරීම කල් යයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කිරීමේ කටයුත්ත එකඟතාවයකින් තොරව කල් ගිය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. 29 December 2022
විදුලියේ වැටුප් ගෙවන්න යන මුදල ඇමති හෙළිකරයි විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් පසුගිය මාස තුනේ දී රුපියල් කෝටි 300 කට වැඩි මුදලක් මාසිකව වැය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 December 2022
විදුලියේත් 1100ක් ලබන වසරේ ගෙදර යති විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1100ක් ලබන වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 December 2022
පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහනුවර දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි . 29 December 2022
සාගින්දර නිවනු මැනවි රංවල දෙවි සාමිනේ කැලණි මිටියාවත ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍ය වූ රන්වල දේව පෙරහර ආරම්භ කරමින් මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (29) සිදු කෙරිණි. 29 December 2022
ගලයායේ පියදස්සී නාහිමියෝ අපවත් වෙති ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියෝ (19) වන දින අපවත් වුහ. 29 December 2022
පුවත්පත් කලාවේ පුරෝගාමියෙක් දිවිගමනට සමුදෙයි ප්‍රවීණ මාධ්‍යෙව්දී කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ රත්නපාල විතාන මහතා කැනඩාවේදී අද (29) උදෑසන අභාවප්‍රාප්ත විය. 29 December 2022
අ‘පුරේ දරුවෝ 900 ක් දැඩි මන්දපෝෂණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි ආහාර අනාරක්ෂිත භාවයකින් යුතු පවුල් 13,597ක් සිටින බව ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සඳහා වන උතුරු මැද පළාත් සැලසුම් කමිටුවේදි අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්යක්ෂ සුගත් නයනානන්ද මහතා පැවසිය. 29 December 2022
අනතුරක් වසං කළ තාත්තා සහ දියණිය අතේ මාට්ටු තේ වත්තේ දළු නෙළීමට පැමිණි අසල්වැසි කාන්තාවකගේ සිගිති දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදි දියණිය පැදවු ත්‍රිවිලරයට යටවී දරුවා මියගිය පසු සිරුර ප්‍රධාන මාර්ගයට දමා වෙනත් වාහනයකට යටවී මියගිය බව පොලිසියට පවසා අනතුරක් වසංකළ පියාකු දියණියක අද දින අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලිසියේ කොටිඨාස විමර්ශන අංශය කියයි. 29 December 2022
කලින් ගෙදර යන්න දුම්රිය මඟ හදයි උතුරු දුම්රිය මාර්ගයේ අබලන්ව පවතින අනුරාධපුර කන්කසන්තුරය කොටස මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ජනවාරි 05 වැනිදා මැදවච්චියේදී ඇරඹෙන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 December 2022
ලංකාව බුද්ධියෙන් පෙරට ගෝලීය දැනුම් දර්ශකයේ (ග්ලෝබල් නොලේජ් ඉන්ඩෙක්ස්) 2022 වසරේ ශ්‍රී ලංකාව රටවල් 132 ක් අතරින් 79 වැනි ස්ථානය ලබාගෙන ඇත. 29 December 2022
ආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත ලබන ජනවාරි 1 වෙනිදා සිට මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 December 2022
පෑන් මිලට විසඳුමක් පෑන් මිල ඉහළයාම හේතුවෙන් පෑන්වලට යොදන කාබන් කූරු වෙනම අලෙවිය මේ වන විට ආරම්භ වී තිබේ. 29 December 2022
පුංචි ඡන්දෙට සජබ සම්මුඛ පරීක්ෂණ අරඹයි පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ලබන වසර මුල සිටම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ දී අද (29) පැවසීය. 29 December 2022
වේරහැර රථගාල මැරයන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 29 December 2022
ලාංකිකයෝ මිලියන ගණනක් දුප්පතුන්ගේ ගොඩට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දී ඇත. 29 December 2022
ජගත් කුමාරත් හෙට තීරණයක් ගනී ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් එහි ඉන්නවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 29 December 2022
අපහස උපහසවලට අපේ ගමන වලකන්න බෑ සමගි ජන බලවේගය තම පක්ෂ අරමුදලින් ජනතාවට බෙහෙත් ටික, පාසල්වලට බස් රථ, පරිගණක ලබා දෙන විට අපහාස කරන පුද්ගලයන් කැට හොල්ලා ජනතාවගේ මුදල් රැස්කර ඔවුන්ගේ පක්ෂ කාර්යාල අධි සුඛෝපභෝගී ලෙස සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (29) පැවසීය. 29 December 2022
සිවිල් ගුවන් සේවයේ 27කට හිතුමතේට ගෙවීම් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එහි ප්‍රධානීන් විසි හත් දෙනකුට(ඉහළ කලමනාකරණ නිලධාරින්) මහ භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි වටිනා දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 29 December 2022
පනතට එරෙහිව කළු සතියක් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 29 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026