අගමැති රනිල්ගේ නිවෙස ගිනි තිබ්බාට තුනක් මාට්ටු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 10 July 2022
රුසියාව සමඟ හැප්පිලා දිනන්න කාටවත් බෑ ලෝක බලවතුන් යැයි පුරසාරම් දොඩන කිසිදු බටහිර රටකට යුද පිහිටියේ දී රුසියාව පරාජය කළ නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. 10 July 2022
විදෙස් තානාපතිවරුන් ඉවත් කර ගනී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, විදෙස් රටවල් කිපයකට යැවූ යුක්රේන තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් එම රටවලින් ඉවත් කර ගැනීමට නියෝග කර තිබේ. 10 July 2022
නව අගමැති වෙන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පොරකති බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනකු තරග වදිනු ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. 10 July 2022
ජනපති ජූලි 13 ඉල්ලා අස් වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් කතානායකවරයාට දන්වා ඇත. 09 July 2022
අගමැතිගේ පෞද්ගලික නිවසට ගිනි තබයි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. 09 July 2022
මාධ්‍යවේදීන්ට පහරදීම ගැන අගමැති කණගාටුව පළ කරයි විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 09 July 2022
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් පිරිසට එරෙහිව විමර්ශනයක් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසට එරෙහිව පොලිස්පතිවරයාගේ නියමයෙන්විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කල් දුව මහතා පවසයි. 09 July 2022
ජනපති - අගමැති අස්වීම් ලිපි අද රෑ කතානායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි. 09 July 2022
සිරස මාධ්‍යවේදීන් පිරිසකට ආරක්ෂක අංශයෙන් ප්‍රහාරයක් අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් සිවු දෙනකුට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ලවීමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදිනියක ඇතුළු සිවු දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 09 July 2022
විමල්ගේ මතයත් කියයි ජනතා අභිලාෂයන්ට හිස නමමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. 09 July 2022
අගමැති නිවෙස අසල උණුසුම් තත්ත්වයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ නිවස ආසල පොලිසිය සහ අරගල කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 09 July 2022
දුම්රිය රාක්කය මතින් අරගලයට කොළඹ ජනාධිපති ලේකම්කාර්යලය අසල අරගලයට සහභාගීවිමට ආ පිරිසට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියහ. 09 July 2022
බන්දුල ස්වාධීන වෙයි තමා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 July 2022
පක්ෂ නායක රැස්වීමෙි දී තීරණ හතරක් ගනියි පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ හතරකට එළඹි බව සමගි ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 July 2022
පාර්ලිමේන්තුව ඉදිරිපිටත් විරෝධයක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් ඉවත්වන ලෙසට බල කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට ද මේ වෙන විට විරෝධතාවයක් ආරම්භ කර ඇත . 09 July 2022
පක්ෂනායක තීරණ කතානායක ජනපතිට දන්වයි පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. 09 July 2022
රෑ බතත් ජනපති මැදුරේ සැකසේ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ පිහිනා ජල ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දැන් රෑ බත උයන්නට සූදානම් වන අයුරු අන්තර්ජලයේ ඡායාරූප හුවමාරු වෙයි. 09 July 2022
අගමැතිගෙන් ප්‍රකාශයක් මුළු රට ම ආවරණය කරමින් ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත අතර ලෝක ආහාර වැඩසටහන් අධ්යක්ෂවරයා ද මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ද එම කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික රජයකට බලය දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 09 July 2022
අරගලයෙන් තුවාල ලැබූ 55ක් රෝහලට විරෝධතාව සඳහා කොළඹට පැමිණ සිටියදී විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 55 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි. 09 July 2022
ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය දෙන්න සූදානම් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. 09 July 2022
ශ්‍රීලනිපයේ මතය මෛත්‍රී කියයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 09 July 2022
ජනපති - අගමැති ඉල්ලා අස්විය යුතුයි ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. 09 July 2022
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවනු ජනපති අගමැති-අගමැති ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ අපේක්ෂාවලට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවැසූහ. 09 July 2022
මෙරට අරගලය ජාත්‍යාන්තර මාධ්‍ය ඇසින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්ත විරෝධතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දැඩි අවධානයක් යොමු කළේය. ලෝකයේ සෑම රටකම පාහේ ප්‍රධාන මාධ්‍ය ආයතන ඒ අතර විය. 09 July 2022
පොහොට්ටුවේ පිරිසක් තනතුරින් යන්නැයි ජනපතිට කියයි රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන වහාම ජනපති ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරති. 09 July 2022
පක්ෂ නායක රැස්විමට සමගි බල වේගය නෑ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා ඇති එම පක්ෂ නායක රැස්වීමට සමගි ජන බලවේගය සහභාගි නොවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 09 July 2022
ජනපති නිල නිවස අරගලකරුවන්ගේ සැණකෙළි භූමියක් වෙයි කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ අරගලකරුවන් එහි නාන තටාකයට බැස දිය කෙළින අයුරු ද නිල නිවසේ වහලයට නැඟ සැරිසරන අයුරු ද දැකගත හැකිය. 09 July 2022
රාජිතටත් ප්‍රහාරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අරගලකරුවන් ගේ ප්‍රහාරයකට ලක් වී ඇතැයි වාර්තා වෙයි. 09 July 2022
ප්‍රභූන් පිරිසක් නැව් දෙකකට නඟිති ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ සහ ගජබා නෞකා දෙකෙන් ප්‍රභූ පිරිසක් කොළඹ වරායෙන් පිටත් ව යන අයුරු සමාජමාධ්‍යවල වීඩියෝවක් සංසරණය වෙයි. 09 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025