(ඉන්දිකා රාමනායක)
පුත්තලම සිංහවිල්ලුවත්ත පිහිටි 58 වන සේනාංකයේ මුරකුටියක තිබු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 සහිත මැගසිනයක් අතුරුදන්ව ඇති බව පුත්තලම පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් යුද හමුදව පුත්තලම පොලිසියට ඊයේ (13) පැමිණ’ල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් 09 දින රාත්‍රියේ ආරක්ෂාවට යොදවා සිටි සෙබ`ථන් පිරිසක් වෙත නිකුත් කළ ගිනි අවි වලින් එකක් මෙලෙස අතුරුදන්ව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
රාජකාරි අවසන්වීමෙන් අනතුරුව භාරදුන් ගිනි අවි අවි ගබඩාවේ තැන්පත් කිරීමට යාමේදී ඉන් එක් ගිනි අවියක් අතුරුදන්ව ඇති බව පෙනී ගොස් ඇතග
ගිනි අවිය අතුරුදන් වී ඇති බවට හෙළි වීමෙන් පසු අවිය මුළු කදවුරම පීරා එය සොයා ඇතත් මේ දක්වා ගිනි අවිය හමුවී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම අවිය මේ දක්වා ගින අවිය හමුනොවීම හේතුවෙන් පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලිකර ඇත.
ශමුදාව කැඳවුරේ සියලු දෙනාගෙන් නිවාඩු අවංගු කර ගිනි අවිය සෙවීමේ කටයුතු සිදුකරමින් සිටින බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි..
2025 දෙසැම්බර් මස 18
336
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලම යුද හමුදා මුරකුටියක ගිනි අවියක් උණ්ඩ 30 ක් උස්සලා
ත්‍රස්ත මාෂල් Tuesday, 14 February 2023 10:08 PM
83 ට කිට්ටු වෙන බවට පෙර නිමිත්තක් .
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 February 2023 07:30 AM
ගිනිඅවි සහ උණ්ඩ සොරා ගැනීම කරනුයේ අනිවාර්යයෙන්ම ඒවා දරුණු අපරාධ සඳහා යොදාගැනීම පිණිස බව සිතාගත හැකි දෙයකි. එසේ නැතිව ගිනි අවි සහ උණ්ඩ කවරෙකු හෝ සොරාගනුයේ දමා ගැසීමට නොවේ. වර්තමානයේ හමුදා පොලීසි හා ආරක්ෂක අංශවල සිදුවන මෙවන්දේට හේතුවනුයේ එම ආයතනවල විනය පිරිහීම හා නොසැලකිල්ල බව පෙනේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම වර්තමාන පාලන තන්ත්‍රය හා ආරක්ෂක ඇමතිවරයා වගකිව යුතු බව පෙනේ.
fairoos Wednesday, 15 February 2023 12:21 PM
කොටි සහ සහරාන් දෙන්නම එකට නැගිටියි වගේ මෙහෙම ගියොත්