(ප්‍රසන්න පත්මසිරි, ඉන්දිකා රානායක සහ පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙක් පූජා භූමියක් ආසන්නයට මෝටර් රථයෙන් පැමිණ මත් පෙති 145ක් මුදලට අළෙවිකිරීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය්‍ය බළකාය විසින් ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගනු ලැබීය.
බදුල්ල මයිගලස්තැන්න පදිංචි බදුල්ල මහ රෝහලේ රසායනාගාරයේ සේවය කරන මෙම වෛද්‍යවරයා මෙයට පෙරත් පාසල් දරුවන් ඇතුලු තරුණයන්ට මත්පෙති විකුණා නීතියේ රැහැනට හසුවු වෛද්‍යවරයෙකි.
දීර්ඝ කාලයක් තිස්සේ පාසල් දරුවන්ට හා තරුණයන්ට මත්පෙති මුදලට අළෙවිකරන බවට ලැබුන තොරතුරක් මත පොලිසිය උපාය දුතයකු යොදවා මත් පෙති මිලට ගන්නා බව කියමින් වෛද්‍යවරයා ගෙන්වාගෙන මත් පෙති මුදලයට ගන්නා අවස්ථාවේදි අත් අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍යවරයා ළග තිබී අත් අඩංගුවට ගත් මිලි ග්‍රැම්ස් 150ක් අඩංගු මත් පෙති 150ක් සමග වෛද්‍යවරයා අධිකරණ කටයුතු සදහා බදුල්ල පොලිසියට බාරදී තිබෙන බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පැවසීය,
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ලේ සුවවිරුවෙක් මත්පෙති සමග මාට්ටු
dasun Wednesday, 15 February 2023 10:01 AM
බදුල්ලෙ වයිද්‍යවරය පෝරකයට" අනාගත පුවතක්
යෝගා Wednesday, 15 February 2023 10:46 AM
සුවවිරුවා ලමයින්ට අලුත් ආතල් සුවයක් දෙන්න ගිහින්
පිටිගල මිලානෝ Wednesday, 15 February 2023 11:03 AM
පාරෙ යන හැමඑකාටම විරුවෝ කියන අමුතු රටක අමුතු ජාතියක් අපි. එහෙව් විරුවන්ගෙන් පිරුනු මේ රට අද ලෝකේ කොන්වී අන්ත අසරණවී ඇත. පාදඩ පාලකයන්ට රැවටුනු කන්ඩ නැති ලෝකෙට ණයවූ විරුවන්ගෙන් පිරුනු රටක්.
මදාරා Wednesday, 15 February 2023 12:14 PM
ණය විරුවෝ.
PereraWednesday, 15 February 2023 12:26 PM
දේශපාලුවන්ට විරුවෝ කියලද කිව යුත්තේ ?
ගමේ එකාලාWednesday, 15 February 2023 03:11 PM
දේසපාලුවන් කොහොමද විරුවෝ වෙන්නේ .උන් මරුවෝ. රටම හොරාකාලා විනාශ කරපු ,ජනතාවට එදාවේලවත් කන්ඩ නැති කරපු උන්.
ඉරාන් Wednesday, 15 February 2023 11:44 AM
රසායනාගාරයෙ? වෛද්‍යවරයක්?