IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චෙක් වංචා අවම කරන්න කමිටුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කෙරේ.

දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත වසර 95 ක් පමණ පැරණි 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර, ඒ අනුව එම පනත  සංශෝධනය කිරීමට නියමිත අතර, විශේෂඥ කමිටුව විසින් සති දෙකක කාලයක් තුළ මේ පිළිබදව පවතින දේශිය හා ජාත්‍යන්තර නීතිමය තත්වයන් පිළිබදව අධ්‍යනය කරමින් නීති සංශෝධනය විය යුතු අකාරය පිළිබදව වාර්තාවක් සකස් කිරීමට නියමිතව තිබේ.

සිංගප්පුරුව ඉන්දියාව හා වෙනත් රටවල් විසින් මේ පිළිබදව සකස් කර ඇති නීති අධ්‍යයනය කරමින් නව නීති සකස් කිරීමට පියවර ගන්නා ලෙසත්, චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා හා අක්‍රමිකතා හේතුවෙන් සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, බැංකු හා මුල්‍ය ආයතන දැඩි අපහසුතාවය පත් වන බවත්, ඒ හේතුවෙන් මෙම පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, මෙහිදී අධිකරණ අමාත්‍යතුමා සදහන් කර ඇත.
චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් සම්බන්ධ පවතින නීති සංශෝධනය කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඊයේ(14) අධිකරණ අමාත්‍යාංශයේදී පැවතිණි.

එම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, නීතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් යන මහත්ම මහත්මීන් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව ඇතුළු බැංකු හා මුල්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (1)

චෙක් වංචා අවම කරන්න කමිටුවක්

විදුසර Wednesday, 15 February 2023 06:53 PM

අන්තර්ජාලය හරහා ගණුදෙනු කරන්න පුළුවන් මේ කාලයේ චෙක්පත් ලියා මහන්සි වෙන්නේ මොකටද? එහෙම දෙයක් කරන්න පුළුවන් නේද? උදාහරණයක් හැටියට විදේශ ණයක් ලැබුණොත් අපිට එන්නේ මොනවාද? ඩොලර් නැව් එනවා කියලා රෝහිත කිව්වා තමයි.. ඒවා චෙක්පත්වලින් එන්නෙත් නැහැ කියලා හිතෙනවා එහෙම ක්‍රමයක් හදන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site