
(තරංග ගුණරත්න )
වැලිගම ප්‍රදේශයේ අවුරුදු 10 දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළැයි වැලිගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 ) දින පෙරවරුවේ වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
උපකාරක පන්තියට යමින් සිටියදී කිසියම් තරුණයන් හතර දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බවද එ පිළිබඳ දින 14කට පමණ පසුව වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කියයි.
එ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වයස 20ක පමණ එම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පොලිසිය මගින් (15 ) පස්වරුවේදි අත්අඩංගුවට ගෙන තිබේ
කෙසේ නමුත් ඔවුන් නිදහස් කරන ලෙසත් අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා මෙම පිරිස විරෝධතාවක නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
DNA පරීක්ෂණයකීන් නියම සැකකරුවන් හඳුනාගන්ට පුළුවන්. ව්‍යෛද්‍ය විද්‍යාවට බොරු කල නොහැකියි
වැඩේ කරන්න හොදයි දඩුවම් දීම තමයි වරද .නුඹලා ම සැකකරුවන් අල්ලාදුන්නා නම් ප්‍රශ්නය ඉවරයි මෙතන හිරිකිතම වැඩේ කියන්නෙ අවුරුදු දහයක් වයසේ කෙල්ල දූෂණය කලාම වැරදි කරුවන් බේරන්න කියන්නෙ ගෑනුම නිසා .ඇත්තටම මේ ගෑනු ගනිකාවියෝද කියලා හිතෙනවා නැත්නම් මෙහෙම අපරාධයක් කරපු නරුමයෝ බේරන්න කියාද
මේක තමයි රාජපක්ෂලා හදපු සමාජ සංස්කෘතිය. ඕන බලු වැඩක් කරන්න පුළුවන්... ඒත් දඬුවම් දෙන්න තහනම්... මේ අය නැතිවෙනකන් රට හදනවා බොරු...