
(සුරංග රාජනායක)
ආයුධ සන්නද්ධව ගම්පොල නගරයේ පුද්ගලික බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් හැත්තෑ හය ලක්ෂයක් අඩංගු මුදල් තැන්පතු යන්ත්‍රය පැහැර ගෙන ගිය හත්දෙනා පැය 48 රඳවා ප්‍රශ්න කිරීමට ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා අද පොලිසිය අවසර දුන්නේය.
සැකකරුවන් හත් දෙනා අතර එකම පවුලේ නිවුන්නු සහෝදරයන් සිවු දෙනකු ද සිටින බව පොලිසිය පවසයි .
කොල්ලකන ලද මුදල්වලින් රුපියල් 18,70,000ක් හා ඔවුන් එම මුදල්වලින් මිලදී ගත් වෑන් රථයක් යතුරුපැදියක් රන් මාල දෙකක් රන් මුදුවක් ජංගම දුරකථන තුනක් ඇතුළු භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත .
සොරකම් කරණ ලද යන්ත්‍රය ගලහා හාල්වත්ත ගල්වළක් ආසන්නයේ මීටර් සීයක් ප්‍රපාතයට දමා තිබී එය ද සොයාගෙන ඇත .
මේ සඳහා යොදාගත් පිස්තෝලය මෙහි ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම ගිනි අවිය ඉකුත් අරගල සමයේදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතාගේ නිවස ගිනි තැබීමේදී සොරකම් කරණ ලද එකක් බව පොලිසිය පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් සිව්දෙනකු පුත්තලම වාන පාර පදිංචිකරුවන් වන අතර ඉතිරි තිදෙනා ගලහා දෙල්තොට ගේඩ්වැලිවත්ත පදිංචිකරුවන් ය.
පුත්තලමේ පදිංචිකරුවන් මුල් කාලයේ ගම්පොළ කහටපිටිය දේශයේ පදිංචිකරුවන් බවද හෙළි වී ඇත.
මෙම බැංකු මංකොල්ලය පසුගිය ජනවාරි මස 24 දින අලූයම එකට පමණ සිදුව තිබුණි මේ සඳහා පැමිණ තිබූ කේ.ඩී.එච්. වෑන් රථයක් හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙම මංකොල්ලකරුවන් එම වෑන් රථය කුලී පදනම මත රැගෙන ඇති බවත් මෙම මංකොල්ලයට සම්බන්ධ නොමැති බවත් ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලකරුවන්ගේ තවත් පැතිකඩක්
පොලිසියට ප්‍රණාමය !!
දෙරණ ප්‍රවෘර්ති වලට කියවුනේ මොවුන් රටේ ප්‍රධාන පෙලේ අන්තවාදී වාමාංශික පක්ෂයක සාමාජිකයින් බවයි
ඔන්න අරගල කරුවන්ගෙ කෙරුවාව. මුල්ම කාලේ LTT එක අරමුදල් රැස්කලේ මෙහෙම තමයි. මේගොල්ලොත් එහෙමද දන්නෙ නෑ. රැස්වීම්වලට උනත් විශාල මුදල් ප්‍රමානයක් අවශ්‍යයිනෙ.