(ඩයනා උදයංගනී)
විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල යළිත් ජනතා අරගලයකට අත වැනීමක් බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (15) පැවසීය.
මැතිවරණය කල්දැමීමට 21 වතාවක් උත්සාහ කළ රජය, 22 වෙනි අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, මුද්‍රණාලයාධිපතිනියත් යොදාගෙන මුදල් ලබා නොදීමේ පදනම මත මැතිවරණය කල් දැමීමේ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙය ඉතාමත්ම භයානක ක්‍රියාවලියකට මග පාදන බව කී පාඨලී චම්පික මහතා මැතිවරණය කල් දැමීමට දරන උත්සාහයෙන් එම ජනතා පරමාධිපත්‍යයට මරු පහරක් එල්ල වී ඇතැයි ද පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ත්‍රස්තවාදී තර්ජනයක් තිබූ කාලයේ, සුනාමියෙන් මාස කිහිපයකට පසු මෙන්ම කොරෝනා වසංගත තත්වය මධ්‍යයේත්, මෙරට මැතිවරණ පැවති බව කී මන්ත්‍රීවරයා විධායකයේ තීරණ මත මැතිවරණ නොපවත්වා සිටි අවස්ථාවල රට නොතිබූ ප්‍රචණ්ඩත්වයකටගමන් කර ඇතැයි ද කීවේය.
රටේ වත්මන් තත්වයක් තුළ ද මුදල් නොමැති බව හෝ වෙනත් කාරණයක් පෙන්වා මැතිවරණය කල් දැමුවොත් අනිවාර්යෙන්ම ජනතාවගේ අරගලයක් සිදුවනු ඇතැයි රණවක මහතා සඳහන් කළේය.
එබැවින් මේ සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරියා වැනි ක්‍රියාකාරීත්වයකට අත වැනීමක් බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යළි ජනතා අරගලයක් පැමිණියහොත් 225ම ගෙදර, ජනතා අරගලය මුවාවෙන් ඡන්දය ඉල්ලගෙන ගම්වලට එන්න නම් හිතන්නවත් එපා...!
පාරට බහින්න බලන් ඉන්න අය දින්නත්, පැරදුණත් බහිනවා. ඒ නිසා ඕක තිබ්බත්, නොතිබ්බත් වෙනසක් නැත. ඔවුන් හැමදාම පාරේ තමයි.
අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගන්න කටයුතු කරන නිලධාරීන්ට, දේශපාලකයන්ට අනිවාර්යයෙන් පහරදී එළවා දමන්න අප සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ... ගෝඨා එළවපු අපට ඔය නිලධාරීන් සහ දේශපාලකයන් කිහිප දෙනා එළවන එක සුළු දෙයක්... සියලු දෙනාම එකතු වෙලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සටන් කරමු...