(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව නතර කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් පැය දෙකකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (15) පස්වරුවේ පැවසීය.
විදුලි කප්පාදුව අත්හිටුවන බවට ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් කිසිඳු පාර්ශවයකට දැනුම්දී නොමැති බව කී නලින්ද ඉලංගකෝන් මහතා විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව ද අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් විදුලිබල මණ්ඩලය ගාස්තු ඉහළ දැමීමට කළ යෝජනාවට අනුමැතිය දුන්නේ යැයි එම කොමිසම කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත් ඒ හේතුවෙන් විදුලි ගාස්තු ඉහළ දැමීමට නොහැකි බවත් ඉලංගකෝන් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බිල වැඩි කළොත් ඔය කොමිසමේ සාමාජිකයෝ හම්බවෙන්න ජනතාව ගෙදරට එන දිනය ඉතා ළඟය.
pucsl අනුමැතිය රහිත විදුලි කප්පාදුව නීත්‍යානුකූලද?
දෙගොල්ලොම දෙපැත්තට ඇදලා.අන්තිමට වැඩිකරනවා ඒකයි වෙන්නේ
පාරිභෝගික සංගම් ලංකාවේ තියනවද?
නටපල්ලා. හැලිය ආයිත් රත්වීගෙන එන්න ලඟයි. කකුලුවෝ ප්‍රවේශම් වෙන්න කාලය හරි.....
කුරහන් පොතේ හැටියට වැඩ...