(රංජන් කස්තුරි)
සෞඛ්‍ය සේවකයන්ගේ අනුමත අතිකාල පැය ගණනින් සියයට 15ක ප්‍රමාණයක් කපා හැරීමට ගත් තිරණයට විරෝධය දක්වමින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයන් පිරිසක් අද දහවල් සෞඛ්‍ය ලේකම්වරයාගේ නිලකාමරය වටකර දැඩ විරෝධතාවක නිරත වූහ.
අතිකාල කපා දැමීමෙන් තමන්ට බලවත් දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සඳහන් කරමින් සෞඛ්‍ය සේවකයන් කෑ කෝ ගසමින් ලේකම්වරයාට දැඩි විරෝධයක් දැක්වූහ.
එහිදී සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ආණ්ඩුවේ තීරණයක් මත එම ක්‍රියාමාර්ගය ගත් අතර එය ආපසු හැරවිය නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොඳ තීරණයක්. සුළුසේවකයන් කෙසේවෙතත් බහුතරයක් තරුණ වෛද්‍යවරු ලක්ෂ ගණන් අතිකාල ගන්නේ තනිකරම හොරට. නිකමට හිතලා බලන්න සෑම වෛද්‍යවරයෙක්ගේම පුද්ගලික මධ්‍යස්ථානයක්ම අඩුම උදේ 8 වෙනකන් සහ සවස 4 සිට 9 වෙනකන් තියෙනවා නම් සහ සේවා මුරයකට නම් වැඩ කරන්නේ, කොහොමද මාසෙට පැය120ක් අතිකාල ගන්නේ? දන්ත වෛද්‍යවරු සති අන්තෙත් නිවාඩු. සවස 2න් පස්සේ රෝහලේත් නෑ. ඒ වුණාට පැය 120ක් රුපියල් ලක්ෂයක් හොර අතිකාල ගන්නවා. මෙච්චර රෝගීන්ට බෙහෙත් නෑ, කෑම වේලට බිත්තරක්වත් නෑ. හැබැයි එක සෞඛ්‍ය සේවකයෙක්වත් (බහුතරයක් වෛද්‍යවරු) හොරට අතිකාල ගන්න එක නවත්තලා නෑ. 225ටම බැනලා වැඩක් නෑ මිත්‍රයා. ඔක්කොම එකම බෝට්‍ටුවේ හොරු තමයි. එකම වෙනස මිනිස්සු මෙයාලගේ හොරකම් ගැන දන්නේ නැහැ.
OT කාක්කෝ
රට හදන්න 225 ගෙදර යවලා වැඩක් නැහැ .මේවගේ හොර රාජ්‍ය සේවකයෝ ගෙදර යවන්න ඕනේ