(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් පෙරේදා(14) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ ඉදිකර තිබූ තොරණක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මුල්කරගනිමින් පීඨ දෙකක සිසුන් අතර ඇතිවූ ගැටුමකින් නේවාසිකාගාරයේ දේපලවලට දැඩි අලාභානි සිදු ව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
පෙරේදා රාත්‍රී 11 පමන එම විශ්වවිද්‍යාලයේ නේවාසිකව රැදී සිටින තාක්ෂණ පීඨයේ සිසුන් හා කළමනාකරණ පීඨයේ සිසුන් අතර අතින් පයින් පොලු මුගුරු සහ ගල් වලින් මෙම ගැටුම හටගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගැටුමෙන් නේවාසිකාගාරයේ ගේට්ටුවට දොරවල් දෙකකට සහ වීදුරු ජනේල වලට බරපතල අලාභ සිදු වී ඇත.
සිද්ධිය සැලවීමත් සමගම මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබිණි.
ඉඳිකරන ලද තොරණ සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් මුල්කරගෙන මෙම බහින් බස් වීම දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇත.
ගැටුමට හේතුව එය වුවද ජනතා විමුක්ති පෙරමුණේ සිසුන් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබූ බව අනතුරුව වාර්තා වූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොලිසිය ගැටුම් වලට සම්බන්ධ අයගේ පක්ෂේත් එක්කම හොයාගනවා ඉස්සරට වඩා දක්ෂයි අපේ පොලිසිය...
වැලන්ටයින් කියන තේරුම දන්නේ නැති මෝඩයින්....
ජෙප්පෝ සහ පෙරට්ටෝ... සටන පටන් ගත්තා විතරයි.
ජවිපෙ මේ රටේ බලයට ආවොත්, හැමදාම ගැටුම් තමයි.