(සුජිත් හේවාජුලිගේ)
පොලිස් ආරක්ෂාව ලබාදීම පොලිස් ප්‍රධානීන් මඟ හැරීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා ඇතුළු මැතිවරණ මුද්‍රණ කටයුතු ආරක්ෂක විධිවිධාන සහිතව ඉදිරියට කරගෙන යෑම ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා 60 දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩායමක් ඉල්ලුවත් තවමත් ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් තිදෙනකු පමණක් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවැසුවාය.
නිසි පොලිස් ආරක්ෂාවක් නොමැතිව ඡන්ද පත්‍රිකා මෙතෙක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සේවක වෘත්තීය සංගම් මුද්‍රණාල ප්‍රධානීන්ට දැඩි ලෙස චෝදනා එල්ල කිරීම හේතුවෙන් එම ඡන්ද පත්‍රිකා සේවකයන් ඉදිරියේ නැවත ගණන් කර සහතික කිරීමට සිදුව ඇතැයිද ලියනගේ මහත්මිය පැවැසුවාය.
මේ අනුව ඡන්ද පත්‍රිකා නැවත ගණන් කිරීමේ කටයුතු හෙට (16) දිනයේ සිදුවනු ඇත.
මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට මැදිහත් වන්නැයි රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවෙන් අද නැවතත් ඉල්ලීමක් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බයන්ට වෙච්චි දෙයින්වත් තවම මේ මිනිස්සු පාඩමක් ඉගෙන ගෙන නැහැ. ඒ නිසා පොලිස් ලොක්කාට කියන්න තියෙන්නේ. රාජකාරිය හරියට කරන්න බැරිනම් නම්බු පිටින් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න කියලා. ජනතාව එකතුවෙලා කලිසම ඔලුවෙන් ගලවලා පෙන්නන්න කලින්...