(රංජන් කස්තුරි)
රටපුරා වෙනත් රෝහල්වල මෙන්ම මහරගම අපෙක්ෂා රෝහලේ ද ඖෂධ හිඟයක් තිබෙන හෙයින් ඖෂධ ලබා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරන බව මහරගම අපෙක්ෂා රෝහලේ ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය සංජීව කුලසේකර මහතා කීය.
අපෙක්ෂා රෝහලේ ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට හෝ මඟහැරී ඇත්තේ පරිත්‍යාග ශීලීන්ගේ උපකාරයෙන් බව ද සංජීව කුලසේකර හතා පැවැසීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් තිබෙන බව ද පැවැසූ විශේෂඥ වෛද්‍යවරයා වසරකට පිළිකා ළමුයින් 900 දෙනකු පමණ අලුතින් හඳනා ගන්නා බව ද කුලසේකර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න අරයා ජනරජ පෙරහැරක් තියන්න යනවා... එයාගේ පුරාජේරුව පෙන්නන... මෙහෙ රහෙල්වල ලෙඩ්ඩු පණ අදිනවා. වෛද්‍යවරුනි, මේ ඔබේ වාරයයි.
ඕක පෙරහැර තිබ්බම හරි යයි...