IMG-LOGO

මැකෝ ගිරවු සොරකමේ ඇවිත් පොලිසියට මාට්ටු වේ

(පුෂ්පකුමාර ජයරත්න)

විකිණීම සඳහා ඇති කරන  මැකෝ වර්ගයට අයත් ගිරවුන් හය දෙනකු කොල්ලකෑමට  උත්සාහ කරද්දී එම ව්‍යාපාරිකයාගේ මව සොරුන් සමග පොර බදා කොල්ලය වළක්වාගෙන ඇතැයි   බෝගමුව පොලීසිය පවසයි.

බොරු පිස්තෝලයක් රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද පොලිසිය කියයි.

බෝගමුව  නාරම්පොල ප්‍රදේශයේ නිවසක කූඩු වල දමා සිටි පැටවුන් අභිජනනය සඳහා යොදා ගන්නා වටිනා මැකෝ මව් සතුන් හය දෙනකු කොල්ලකෑම සඳහා මෙම සැකකරුවන් පිරිස පැමිණ ඇති බව පොලීසිය කියයි.

මෙම විශේෂිත ගිරවු ජෝඩුවක වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ බව පැවසේ.

කූඩුවල අගුල් බිඳ දමා ඒවායෙහි සිටි ගිරවුන් හයදෙනකු ගෝනි කීපයක දමා රැගෙන යාමට සූදානම් වෙමින් සිටියදී ව්‍යාපාරිකයාගේ මව රෝහලේ සිට නිවසට පැමිණ ඇත. 

ගිරවුන් ගෝනි තුළ බියට පත්ව කෑගසමින් සිටින බව දුටු ඇය සතුන් බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යොදමින් සැකකරුවන් සමඟ පොර බදා ඇත.

මෙහිදී සැකකරුවන් ඇයට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන එල්ල කර ඇතත් ඉන් බියට පත් නොවූ ඇය ඔවුන් සමඟ දිගින් දිගටම පොර බදිමින් අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා ඇත. මැකෝ ගිරවුන්ගේ සද්දයත් කාන්තාවගේ කෑගැසිල්ලත් ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට පැමිණෙත්දී කොල්ලය වැරුදුනු සැකකරුවන් සතුන් අතහැර ඔවුන් පැමිණි යතුරු පැදි වලින් පලා ගොස් තිබේ.

මෙම සිද්ධිය එම අවස්ථාවේදීම තම පුතුට දුරකථනයෙන් දැනුම්දී තිබූ අතර ඔහු නිවසට පැමිණෙත්දී යතුරු පැදිවලින් පලා යන සැකකරුවන් දැක  ඔවුන් පසුපස තම වෑන් රථයෙන් හඹා ගොස්  යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුම අසලදීම වෑන් රථයෙන් එක් යතුරු පැදියක් හප්පා අනතුරට ලක් කර එහි ගමන් කළ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට ව්‍යාපාරික පුතු සමත්ව ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරමින් පවතී.

අනතුරට ලක් වීමෙන් සැකකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකුගේ පාදයකට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන සිටින ඔවුන් දෙදෙනා පොලිස් ආරක්ෂාව සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.



අදහස් (2)

මැකෝ ගිරවු සොරකමේ ඇවිත් පොලිසියට මාට්ටු වේ

de silva Wednesday, 15 February 2023 07:13 PM

මාතෘකාව දුටු සැණින් මම හිතුවා මැතිවරණ කොමසාරිස් ගිරව් සොරකමේ ගිහින් කියලා.

:       1       11

Bunny Preena Thursday, 16 February 2023 10:13 AM

හොරාව වෑන් රතයෙන් හප්පා මිනිමැරීට උත්සාහ කලායයි කලු ඇඳගත්තු මහත්තුරු සොරා ගෙන දුක හිතිලා සොරා වෙනුවෙන් ( මුදල් වෙනුවෙන් නොවෙයි ) විය්‍යපාරිකයට විරුධව නඩුවක් දාන්ටයි කියලා හොරාට උපදෙස් දෙද දන්නෙ නැහැ නේද !!?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site