(සුජිත් හේවාජුලිගේ )
නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (13) පස්වරුවේ ලිඛිතව දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනියගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූලික මුද්‍රණ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් රජයේ මුද්‍රණාලයට රුපියල් කෝටි හතරක් දැනටමත් ලබා දී ඇති බවයි.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාව ද රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් රජයේ මුද්‍රණාලයට ලබා දී ඇතැයි ඔහු සඳහන් කළේය.
සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා දෙන්නේ මුදල් ප්‍රතිපාදනයක් බවත් එම ප්‍රතිපාදනය පසුව මුද්‍රණාල ප්‍රධානීන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් කරගන්නා බවත් එම නිලධාරියා පැවසුවේය.
සෑම මැතිවරණයකදීම සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මුදල් ලබා දුන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයෙන් පසුව බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ සේවක සංගම් අතරද කිසියම් කඹ ඇදීමක් පවතින බව වාර්තා වේ.
ඇතැම් සංගම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ යුතුයැයි පවසන අතර අනෙක් ඒවා පවසන්නේ මුදල් දෙන තුරු මුද්‍රණය නොකළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දය නොපවත්වන්න අමුතුම පන්නයේ නිති රීති දැන් එලි දක්වනවා. රජයේ එක ආයතනයකින් තවත් ආයතයනයක් භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමේදී පසුව ඒවා ප්‍රතිපුර්ණ කරන එක භාවිතාවක්. ඛනිජ තෙල් සැපයීම, විදුලිය ලබාදීම වැනි ඒවා කොතරම් ප්‍රමාණයක් නය පදනමකින් දීලා තියෙනවද ?
සෞභාග්‍යක තරම .තමන්ගේ චන්ද පත්‍රිකාවත් මුදල් ගෙවා ලබාගන්න චන්දදායකයන්ට සිදු වේවිද ?
කියලා කයිවාරු ගැහුවට අන්තිමට චන්ද පත්‍රිකා ටිකවත් මුද්‍රණය කරගන්න සල්ලි නැති තත්වයට පත්වෙලා
ආ රනිල් කිවුවේ එහෙම කියන්න කියලද?
රටේ චන්ද දායකයන් ලක්ෂ ගණනකගේ අයිතිවාසිකම් නැතිකරන්න හදන මේගොල්ලන්ට මෙහෙම නටන්න දෙන්න බැහැ එක මිනිහෙකුගේ උවමනාවට .ඒ නිසා මැතිවරණ කොමිසම මේ පිළිබඳව තීරණයක් ගන්න ඕන
අතාරින්න එපා මැ.කො. සභාපතිතුමා. ඔබ කළින් කිව්වා වගේ කොහොම හරි මැතිවරණය පවත්වන්න බලන්න. ජන්ද පත්‍රිකා මුද්‍රණය කරලා දෙන්නෙ නැත්නම්, රටපුරා ගිහින් අත් ඔසවලා ගනන් කරල ප්‍රතිපල දීල මේ මන්ත්‍රීවරු අටදහස් ගාන පත්කරගන්නවා කියල අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියන්න. එහෙම කරාම රටේ ජනතාවට ජීවත්වෙන්න බැරි තරම් ප්‍රශ්න තිබුණත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනව වගේම අලුත් මන්ත්‍රී කණ්ඩායමට දීමනා පහසුකම් දීලා කාට කාටත් නැවත පෝලිම් වලට යන්න පුලුවන් වෙනවනෙ. එතකොට තමයි ස්වාධීන කොමිසමේ වැඩේත් හොදටම කළා කියල ඔබතුමාටත් සතුටු වෙන්න පුලුවන්..
ඕකේ තියෙන යන්තරයකට කඩදහි ටිකක් දාලා සල්ලි ටිකක් අච්චු ගහලා මැකෝට දුන්නා නම් ප්‍රශ්ණය ඉවරයි.