IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුංචි පාර්ලිමේන්තු අපේක්ෂක කසිප්පු පෙරද්දී මාට්ටු

(දයාරත්න ඇඹෝගම)

පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයකු කසිප්පු පෙරමින් සිටියදි  තිරප්පනේ පොලසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ,උට්ටිමඩුව පදිංචි 28 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා කසිප්පු පෙරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින්  එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ඔහු එම ප්‍රදේශයේ ලදුකැලැ භුමියක කසිප්පු පෙරමින් සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබු කසිප්පු මිලි ලිටර් 3750 ක් සහ ගෝඩා මිලි ලිටර් 1,80,000ක්ද පොලිසිය සිය බාරයට ගෙන ඇති අතර ඔහු  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 



අදහස් (7)

පුංචි පාර්ලිමේන්තු අපේක්ෂක කසිප්පු පෙරද්දී මාට්ටු

අහිංසක Monday, 13 February 2023 08:32 PM

ඇයි ඔහොම වෙන්නෙ කියලා කිසිම පක්ෂයක නායකයෙක් සිතල තියෙනවාද මේවා වෙන්නෙ ඉංග්‍රීසි පාලකයො හිටපු කාලයේ අවශ්‍යතාව සදහා ඉගැන්වීම කල ආකාරයට අධ්‍යාපනය දීම නොවේද.අතට පයට කිසිම පුහුණුවක් නොදී පාසැල් හැරයාමට සැලැස්වීම තවමත් කරනවා මිස පාසැලෙන් ගියාට පස්සෙ කරන්නෙ මොනවාද බලන්නෙ නැහැ ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව කරන්නෙ ඔවුනොවුන්ගේ දේශපාලන මතිමතාන්තර කතා හා අනාගතයේ පක්ෂය දිනවන්නෙ කොහොමද කියලා විතරයි රටක් හදන්න ඉස්සර මිනිස්සු හදල ඉන්න ඕන කියලා කිසිවෙකු හිතන්නේ නැහැ පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන සිසුන් සූරා කද්දී අනෙක්වා නයි අදිමින් ඉන්නවා ඒවායේ අඩුපාඩු නිසා දරුවො අවුරුදු හත අට කාලය නැතිකර ගන්නවා යමෙක් යම් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වුනා නම් නියමිත කාලයේ අදාල කටයුතු ප්‍රමාද නම් සොයාබලා සහාය වෙන්නෙ නැහැ එහෙම ආයතන තියෙනවා

:       0       1

ravin Monday, 13 February 2023 10:10 PM

මන්ත්‍රි වරයකුවිමෙ මුලික සුදුසුකම් සපුරා ඇත.

:       0       0

chandima Monday, 13 February 2023 11:23 PM

චන්දෙට කසිප්පු දන්සලක් දාන්න වෙන්න ඇති?

:       0       0

මෝ Tuesday, 14 February 2023 01:36 AM

හිටං හුටං සිරා නැවතත් ජනාදිපති වෙනව කියන්නෙ ටක්කෙටම.

:       0       1

නිශාන්ත Tuesday, 14 February 2023 08:28 AM

ඒවා පුරුදු වෙලා ඉන්න එපැයි ජනතා සේවය කරනවානම්.

:       0       6

sharm warn Tuesday, 14 February 2023 10:48 AM

ඉතින් ඇත්තනේ .එතනෝල් කාරයාට කුඩු ගෙන්වන මහ මොලකාරයාට පාර්ලිමේන්තුවේ ඇමතිකම් දරන්න පුළුවන් නම් මට මොකෝ බැරි කියලා හිතෙන්න ඇති .උඩින් දෙන ආදර්ශ අනුවනේ පහලින් ඉන්න උන් හැදෙන්නේ .ඔන්න පොහොට්ටුවේ පැටිකිරිය

:       2       4

Bunny Preena Thursday, 16 February 2023 02:32 PM

ග්‍රාමිය/දේශය කර්මාන්තය දියුනු කරන්ට අදහසක් පහලවෙලා පෙරහුරුවක් කලා වත්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site