(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
බොරැල්ල හල් ගහ වත්ත ප්‍රදේශයේ දී කාන්තාවකගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද්ධ හමුදා මූලස්ථානයට අනුයුක්තව බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකි.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රාජකාරිය ගිනි අවි දෙක ද පොලිස් බාරයට ගෙන ඇත.
මත්කුඩු වලට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ හිස ප්‍රදේශයට යුද හමුදා බුද්ධි අංශ සාමාජික සැකකරුවකු ගිනි අවියකින් පහර දීමත් සමගම එය ක්‍රියාත්මක වී ඒ අසන්නේ සිටි කාන්තාවගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරේ මාරු හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක්.ලෝඩ් කරන ලද ස්වයංක්‍රීය ගිනි අවියක් මෙලෙස පහර දීමට යෙදවීමෙන් ම මොවුන්ගේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුළුවන්.