(ඩයනා උදයංගනී)
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය.
නමුත් රටේ පවතින මුදල් තත්වය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයටත් කරුණු ඉදිරිපත් කර ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මීට පෙර පැවති රජයන් මුදල් වියදම් කර තිබෙන්නේ විදෙස් ණය ගැනීමෙන් හා මුදල් අච්චුගැසීමෙන් වුවත්, පවතින තත්වය අනුව වත්මන් රජයට එසේ කිරීමේ හැකියාවක් නැතැයි ද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජයත් මෙතෙක් මුදල් හිඟයන්ට මුහුණ දුන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් .අනෙක ජනතාවගේ පරම අයිතියක් වන චන්ද අයිතිය තකා තක්කඩි කාලකන්නි පාලකයෝ ළඟ මීට පෙර දනින් වැටෙන්න වුනාද .ජීවිතේට මේ කාලකන්නින්ට චන්දයක් දෙන්න වටින්නේ නැහැ
අනේ පවු අහිංසක හොරු රැල
ඔව් ඔව්.. එහෙම කියමු.. මෙදා පාර දුවන්න පාරවල් මදි වෙන බව දනන් නිසා එක එක දහන් ගැට දනව.. අපිත් එව්ව හොදට දන්නවා.. මෙ වගෙ බොරුකාර වාචාලයෙක් ව පාලකයා කර ගන්න තරම් හෝගම මිනිස්සු මෝඩ වුනානෙ ඇත්තටම..